අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඕස්ට්‍රේලියානු අගමැතිතුමාගෙන් ජනාධිපතිතුමාට පැසසුම්

    සැප්තැම්බර් 27, 2014

    නිව් යෝක්: ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් (Tony Abbott) මැතිතුමා ඊයේ (26) උදෑසන නිව් යෝක් නුවරදී හමුවී සාකච්ඡා පැවැත්වූහ.

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 69 වන සැසිවාරයට පරිබාහිරව පැවති සුහද සාකච්ඡාවේදී ද්විපාර්ශ්වික වැදගත්කමක් ඇති කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමු විය.

     

    ආර්ථික හා සංවර්ධන ක්‍ෂේත්‍රවල ශ්‍රී ලංකාවේ මෑතක සිදුවීම් සහ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රතිසන්ධාන කටයුතු පිළිබඳ ව රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් අගමැතිවරයා දැනුවත් කරන ලදී.

     

    "උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම මෙතරම් හොඳින් සම්පූර්ණ කිරීම ඔබතුමාට කීර්තියක්," ඇබට් අගමැතිතුමා ජනාධිපතිතුමාට පැවසූ අතර, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය 7.8ක් ව පවත්වාගෙන යාමත්, එය වසර අවසන් වන විට තව දුරටත් වැඩි විය හැකි වීමත්, "අපූර්ව සිද්ධියක්" සේ ද, ඔහු පැවසීය.

     

    දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳව ද, නායකයෝ දෙදෙන සාකච්ඡා කළහ.

     

    ඔස්ට්‍රේලියාව මුහුණ දෙන මිනිස් ජාවාරම පිළිබඳ ගැටලුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා, "ශ්‍රී ලංකාවෙන් ලැබුණු සහයෝගය පිළිබඳව මා ඉතා කෘතඥ වෙනවා ," යයි ඇබට් අගමැතිතුමා රාජපක්ෂ ජනාධිපතිතුමාට පැවසුවේය.

     

    ජනාධිපතිතුමා සහ ඇබට් අගමැතිතුමා අවසන් වරට හමුවූයේ පසුගිය වසරේ නොවැම්බර මාසයේ පැවති 2013 පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව අවස්ථාවේදීය.

     

    විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී. එල්. පීරිස්, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ ඇමති නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ආර්.පී. සූරියප්පෙරුම, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක් ව සිටියහ.

     

    HC/IMU_Pix by: Sudath Silva

    HE Rajapaksa and Australian P M Tony Abbott Meet in New York

     

    HE Rajapaksa and Australian P M Tony Abbott Meet in New York a

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya