අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව ගැන සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා සහ මෝල්ටා අගමැති හමුවෙති

    සැප්තැම්බර් 27, 2014

    නිව් යෝක්: ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ මෝල්ටා අගමැති ජෝසෆ් මස්කට් (Joseph Muscat) මැතිතුමා බ්‍රහස්පතින්දා (25 ) පස්වරුවේ සාකච්ඡා පැවැත්වූහ.

    මෙම සාකච්ඡාව  නිව් යෝක් නගරයේ එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී පැවැත්වෙන එකසත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 69 වන සැසියට පරිබාහිර ව  සිදුවිය.

     

    මෙම නායක දෙපළ හමුවුයේ මූලික වශයෙන් ම 2015 දී මොල්ටාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව පිළිබඳ ව සාකච්ඡා කිරීමට වන අතර එම සමුළුවේ දී, දැනට ශ්‍රී ලංකාව දරන එහි සභාපති ධුරය මෝල්ටාව භාර ගනු ඇත.

     

    පසුගිය වසරේ, සාර්ථක පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවක සත්කාරක රට වූ ශ්‍රී ලංකාව, මීළඟ සමුළුව පැවැත්වීම සඳහා සුදානම් වන නිලධාරීන් සමග තම අත්දැකීම් බෙදාගැනීමෙන් මෝල්ටාවට සහය දැක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පැවසුවේය.

     

    “අප ඔබ සමග සමීප ව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා”, අගමැති මස්කට් මැතිතුමා ජනාධිපති රාජපක්ෂ මැතිතුමාට පැවසුවේය.

     

    දෙරටේ නායකයෝ ධුර හුවමාරුව යුහුසුළු ව සිදුකිරීම සහතික කිරීම සඳහා සමීප ව සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ වූ අතර මීළඟ සමුළුවේදී සාමාජික රාජ්‍යයන් අතර සහයෝගීතාව සහ තීරණවලට එළඹීම වැඩි දියුණු කිරීමට ද එකඟවූහ.    

     

    HC/IMU_Pix by: Sudath Silva

    HE Rajapaksa and Malta PM Meet to Discuss CHOGM

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya