අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේවක අර්ථසාධක අරමුදලේ කිසිදු මුදල් හිඟයක් නෑ

    සැප්තැම්බර් 26, 2014

    සේවක අර්ථසාධක අරමුදලේ කිසිදු මුදල් හිඟයක් නොමැති බවත් අයදුම්පතක් ඉදිරිපත් කර සතියකින් පසු සාමාජික ප්‍රතිලාභ මුදල් ලබා ගත හැකි අතර දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් මේ අරමුදල පිළිබඳ අසත්‍ය ප්‍රචාර කිරීමෙන් වළකින ලෙසත් කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (26) පාර්ලිමේන්තුවේදී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.

    මේ කරන චෝදනා කෝප් කමිටුව හමුවේ ඉදිරිපත් නොකරන්නේ ඇයි? කවුරු මොනවා කීවත් මේ රටේ සෑම රජයක් ම මේ අරමුදල ආරක්ෂා කර තිබෙනවා. මුදල් එකතු කර තිබෙනවා. මුලින් රජය දායක වූයේ 2%කට පමණයි. දැන් එය 10%ක් වෙනවා. අරමුදල කොටස් වෙළඳපොළට ගියේ එජාප රජය කාලේදීයී. එකලත් පාඩු සිදු වූවා. ලාභ ලැබුවා. අද අරමුදලේ 6%ක් ආයෝජනය කර තිබෙනවා. ඒ 6% ඉතා විශාල නිසා කවුරුත් කතා කරනවා යැයි ඔහු කීය.

    මෙහි අඩුපාඩු තිබෙනවා නම් සියලුදෙනා එකතු වී සාකච්ඡා කර නිවැරදි කරන්න ඕනෑ. දේශපාලන වාසියක් ගන්න චෝදනා කරන්න එපා. අඩු ආදායම් ලබන අයට ප්‍රතිලාභ ලබා දීමට ප්‍රමුඛතාවක් දෙනවා. ගෙවීමේ ප්‍රමාදයක් නැහැ. අයදුම්පත දී සතියක් ඇතුළත ගෙවීම් සිදු කරනවා. 30%ක් ගෙවීමේ කටයුතු ප්‍රමාද වී ඇත්තේ සංවිධාන කටයුතු නිසයි. ඉක්මනින් අවශ්‍ය රෙගුලාසි සම්මත කරනවා. ගෙවීමට මුදල් නැතැයි අසත්‍ය ප්‍රචාර කරන්නට එපා. අර්ථසාධක අරමුදල් ආපසු ගෙවීමේ කිසිම ප්‍රශ්නයක් නැති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya