අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩකරන ජනතාව ගැන එක්සත් ජාතික පක්ෂය කවදාකවත් හිතුවේ නෑ

    සැප්තැම්බර් 26, 2014

    එක්සත් ජාතික පක්ෂය යනු කම්කරුවන් ගැන නොහිතපු පක්ෂයක් බවත් සේවක අර්ථසාධක අරමුදල ගැන වැඩකරන ජනතාව ගැන ඔවුන් කවදාකවත් හිතුවේ නැති බවත් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (26) පාර්ලිමේන්තුවේදී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි. 

     

    එක්සත් ජාතික පක්ෂය කියන්නේ මැයි දිනය වර්ජනය කරපු පක්ෂයක්. සේවක අර්ථසාධක අරමුදල වැඩකරන ජනතාවට අයිති වස්තුවක්. සේවකයන්ට අයිති අරමුදල වැඩිකර ගැනීමේ, ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව වැඩකරන ජනතාවට තිබෙනවා. ඒ නිසා මෙම අරමුදල ආරක්ෂා කිරීම සඳහා වැඩකරන ජනතාවගේ පාර්ශවයෙන් යම් පත්කිරීමක් සිදු කළ යුතු යැයි ඔහු පෙන්වා දුන්නේය.

     

    සේවක අර්ථසාධක අරමුදලට 2010දී සංශෝධන කිහිපයක් ම ගෙනාවා. ඒවා මඟින් සාමාජිකයන්ට ප්‍රතිලාභ කිහිපයක් හිමි වුණා. සේවක අර්ථසාධක අරමුදල යොදාගෙන පිරිසක් හම්බ කරගන්නවා කියලා විපක්ෂය චෝදනා කරනවා. ඇතැම් විට එය ඇත්තක් වෙන්න ඇති. නමුත් අපි ඒ අරමුදල විනාශ වෙන්න ඉඩ තබන්නේ නැහැ. කම්කරුවන්ගේ සුබසිද්ධිය උදෙසා සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් ත්‍රෛපාර්ශවීය මණ්ඩලයක් ඇති කළ යුතුයි. විෂයභාර අමාත්‍යවරයා, මහ බැංකුව, වැඩකරන ජනතාව යන පාර්ශව තුන ම එක්කොට ත්‍රෛපාර්ශවය නිර්මාණය කළ යුතු යැයි ද ඔහු සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya