මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක සංවර්ධන අධිකාරියේ අතිරික්ත ආදායම් ඉහළට

    සැප්තැම්බර් 26, 2014

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය 2014 මැයි දක්වා ඇස්තමේන්තුගත අතිරික්ත ආදායම රුපියල් මිලියන 169.12ක් බවත් 2012දී රුපියල් මිලියන 183.04ක හා 2013 වසරේ රුපියල් මිලියන 276.06ක අතිරික්ත ආදායමක් ලබා ඇතැයි අද (26) පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද පිළිතුරක සඳහන් වේ.


    පාර්ලිමේන්තු මන්ත්‍රී  රවී කරුණානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මේ බව සඳහන් වේ.

     

    2015 හා 2016 වසරවල ඇස්තමේන්තුගත අතිරික්ත ආදායම පිළිවෙළින් රුපියල් මිලියන 355.07ක් හා 420.04කි. අද වන විට ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ ප්‍රාග්ධන හා සංචිත ප්‍රමාණයෙහි එකතුව 2013 වසරේ විගණන වාර්තාවන්ට අනුව රුපියල් මිලියන 3,039.84කි. මේ ආයතනයේ මේ වන විට සේවකයන් 160 දෙනෙකු සේවයේ යෙදී සිටින අතර සේවක අතිරික්තයක් හෝ හිඟයක් ද නොමැති බව එම පිළිතුරෙහි සඳහන් වේ. 


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya