මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ මහ ලේකම් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා හමුවෙයි

    සැප්තැම්බර් 26, 2014

    නිව් යෝක්හි ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ මහ ලේකම් ඉයාඩ් අමීන් මදනි මහතා (Iyad Ameen Madani) ඊයේ (25) උදෑසන නිව් යෝක් නගරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවිය. 


    මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්යේ මහා මණ්ඩල සැසියට පරිබාහිරව මෙම හමුව සිදු විය.

     

    ඉස්ලාමීය සංවිධානයේ මහ ලේකම් ලෙස ඉයාඩ් අමීන් මදනි මහතා පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාව එම සංගමයේ රටවල් සමඟ වඩාත් පුළුල් වූ සහයෝගිතාවක් ඇති කර ගැනීමට බලාපොරත්තු වන බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පැවසුවේය. මදනි මහතා මහ ලේකම් ධූරයට පත් වූයේ 2014 ජනවාරි මාසයේදීය.

     

    “අප ශ්‍රී ලංකාව ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයට පිටස්තර රටක් ලෙස නොසලකමු” මදනි මහතා ජනාධිපති රාජපක්ෂ මැතිතුමාට පැවසුවේය. “අප එය ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය තුළ තිබෙන රටක් ලෙස සලකනු ලබනවා” ජනාධිපතිතුමා විසින් ගන්නා ලද “පුරෝගාමී පියවර” ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය අගය කරන බව පැවසූ මදනි මහතා එම සංවිධානය ශ්‍රී ලංකාව නොකඩවා අගය කරන අතර ශ්‍රී ලංකාව සහ ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් අතර සබඳතා වැඩිදියුණු කිරීමට සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වන බව ද පැවසීය. 

     

    මෑතකදී සිදුවූ ආගමික වශයෙන් පෙළඹවීම් කරන ලද හුදකලා වූ සිද්ධීන් කිහිපයක් පිළිබඳ ව සාකච්ඡා කරන අතරතුරේදී, මුස්ලිම් ප්‍රජාවට විරුද්ධව සිදු වන ඕනෑ ම සිද්ධියක් මැඬපැවැත්වීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග රජය විසින් ගනු ලබන බවට මදනි මහතාට ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සහතික විය.

     

    “මම මුස්ලිම් ප්‍රජාව මාගේ සහෝදරයන් ලෙස රැකබලා ගනිමි” ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පැවසීය. 

     

    ශ්‍රී ලංකාවේ සත්‍ය තත්ත්වය සහ විවිධ ප්‍රජාවන් සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත් වන ආකාරය සියැසින් දැකබලා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපතිතුමා, මදනි මහතා සහ අනෙකුත් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් උනන්දු කළේය.

     

    සවුදි අරාබියට තවත් සංචාරයක් සඳහා පැමිණෙන ලෙස මදනි මහතා ජනාධිපති රාජපක්ෂ මැතිතුමාට ආරාධනා කළේය.

     

    ශ්‍රී ලංකාව දැනට මැදපෙරදිග කලාපයේ රටවල් 14ක් සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වයි. මෙය මඟින් මුස්ලිම් බහුතරයක් සිටින රටවල් සමඟ සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීම සඳහා රජය ලබා දී ඇති වැදගත්කම පිළිබිඹු වේ. 



    මේ හමුව සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, 
    විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ක්ෂේනුකා සෙනෙවිරත්න, එක්සත් ජාතීන්යේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන, එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.



    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya