අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටෙලිමේල් සේවාව සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය

    අප්‍රේල් 10, 2014

    ටෙලිමේල් සේවාව සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි තැපැල් සේවා ඇමැති ජීවන් කුමාරණතුංග මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.


    රජයේ සේවකයන්ගේ නිවාඩු ගැනීම සම්බන්ධව මෙතෙක් පැවති විදුලි පණිවුඩ සේවාව මෙන් මෙම ටෙලිමේල් සේවාවටද නෛතික බලය ලබාදීමට කටයුතු කරන බව ඇමැතිවරයා පැවසුවේ මාතර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    ටෙලිමේල් සේවාවට අදාළ නෛතික තත්ත්වය ලබාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya