අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේදී වාචික ප්‍රශ්න 06ක් ඇසීමට අවසර

    අප්‍රේල් 10, 2014

    පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේදීත් වාචික ප්‍රශ්න 06ක් ඇසීම සඳහා මන්ත්‍රීවරුන්ට ඉඩ ලබාදීමට තීරණය කර ඇතැයි කතානායක චමල් රාජපක්ෂ මහතා අද (10) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.


    එම අවස්ථාවේදී අසනු ලබන ප්‍රශ්නවලට පිළිතුරු දීමට එම විෂයභාර ඇමැතිවරයා හෝ නියෝජ්‍ය ඇමැතිවරයා සිටිය යුතු බවද කතානායකවරයා පැවසීය.


    1977 සිට 1994 දක්වා මෙම ක්‍රමය ක්‍රියාත්මක වී ඇති බවත් පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳව අවධානය යොමු වූ බවත් පැවසූ චමල් රාජපක්ෂ මහතා එළැඹෙන මැයි මාසයේ සිට පාර්ලිමේන්තු සභා රැස්වීම්වලදී මේ ක්‍රමය ක්‍රියාත්මක කරන බවද දැනුම් දුන්නේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya