අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආගමික ස්ථානවල පරිපාලනයට රජය මැදිහත් වන්නේ නෑ

    අප්‍රේල් 10, 2014

    බෞද්ධාගමික වෙහෙර විහාරස්ථානවලට හා ඒවායේ පරිපාලනයට කිසිදු ලෙසකින් රජය මැදිහත්වීමක් සිදු නොකරන බවත් ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව අභිමානවත් ජනතාවක් බවත් මේ තාක් කාලයක් ඔවුන් තම ආගමික ස්ථාන ආරක්ෂා කරමින් කටයුතු කර ඇති බවත් ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.


    පන්සල් පරිපාලනය ඒ ඒ නිකායවල මහානායක හිමිවරුන් විසින් කරගෙන කටයුත්තක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා රජය එම කටයුතුවලට මැදිහත් නොවන බව ද එම මහානායක හිමිවරුන්ගේ එකඟතාව මත පන්සල්වලට විහාරාධිපති ස්වාමීන් වහන්සේලා පත් කරන බවද පෙන්වා දුන්නේය.


    කළුතර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් පන්සල් වැසීයාම හා පන්සල්වලට ස්වාමීන් වහන්සේලා පත්කිරීමට රජය මැදිහත් වන්නේදැයි වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකරන ලද පැනයකට අසන ලද අතුරු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya