අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඓතිහාසික මහියංගනය නාගදීප පුරාණ රජමහා විහාරයේ ආගමික වතාවත්වල

    සැප්තැම්බර් 10, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (10) පස්වරුවේ ඓතිහාසික මහියංගනය නාගදීප පුරාණ රජමහා විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.


    විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ සංඝාවාස ගොඩනැගිල්ල ද විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි. සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

     

    අනතුරුව මහියංගනය නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ඇල්ලේවල විමලානන්ද නායක ස්වාමීන් වහන්සේ මෙන් ම විහාරාධිකාරී පූජ්‍ය බේරුවල ධම්මරතන ස්වාමීන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේලාගේ ද සුවදුක් විමසා සුහද පිළිසඳරක නිරත විය. 

     

    උන්වහන්සේලා සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පැතූහ.

     

    රාජකීය පණ්ඩිත පූජ්‍ය අරාටු මැඬිල්ලේ චන්ද්‍රානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත නාගදීප පුරාණ විහාරයේ තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.


    විහාරස්ථානය වෙත පැමිණි ජනතාව සමඟ ද ජනාධිපතිතුමා සුහද කතා බහක නිරත විය.


    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරු මේ අවස්ථාවට එක් ව සිටියහ.

     

    NDH/Ppmu_pix by Chandana Perera

     

    01 1

     

     

    03 1

     

    04 1

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya