අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු සභා රැස්වීම කල් තබයි

    සැප්තැම්බර් 10, 2014

    සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදය සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (10) පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව සකස්කිරීමේ තිබූ අඩුලුහුඬුකම් නිසා බලාපොරොත්තු නො වූ ලෙස සභා රැස්වීම කල් තබන්නට නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා තීරණය කළේය.


    බිම් සවිය කියා පනතක් කවදාවත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නැති බවත් එවැනි පනතක් නොමැති විට එවැනි පනතක් ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ නොහැකි බවත් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා අද (10) පාර්ලිමේන්තු සභාවට අවධාරණය කළේය.

     

    අග්‍රාමාත්‍යවරයා එසේ කියා සිටියේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදය සඳහා ඉදිරිපත් කර තිබූ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

     

    එම යෝජනාවේ

    “1. බිම්සවිය පනතෙන් විහාර හා දේවාලගම් ඉවත්/බැහැර කළ යුතු යැයි ද,

    2. බෞද්ධ කොමසාරිස්වරයා විසින් විහාර දේවාලගම් චක්‍රලේඛ අංක 2014/01 චක්‍රලේඛය අනුව සිද්ධස්ථාන සතු ඉඩමක ගස් කපා ප්‍රවාහනය කිරීමේ දී රාජකාරි ඉඩමක් නම් ගස්වල ස්ථානීය අගයෙන් 10%ක් ද බණ්ඩාර ඉඩමක් නම් ගස් වගාකරන ලද්දේ බදුකාරයා නම් ස්ථානීය අගයෙන් 25%ක් සිද්ධස්ථාන අරමුදලට බැර කළ යුතු යැයි සඳහන් වගන්ති ඉත්කළ යුතු යැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි“ යනුවෙන් සඳහන් කර තිබිණි.

     

    බිම්සවිය කියා පනතක් නෑ. බිම් සවිය කියන්නේ මන්ත්‍රීවරයෙක් දාගත්ත නමක්. ඊට පෙර මම දාගත්තේ ජයභූමි කියලා. ඊට ඉස්සරලා ස්වර්ණභූමි. ඒ ඒ ඇමතිවරුන් නම් දාගන්නවා. ඒක මේ පාර්ලිමේන්තුවට අයිති එකක් නෙවෙයි. නීත්‍යනුකූල පනතක් නෙමෙයි. ඒක නිසා මේක මෙතන සාකච්ඡා කරන්න බෑ. මේ වගේ ඒවා ගෙනාවාට අපේ විරෝධයක් නැහැ. නමුත් මේක නීත්‍යනුකූල නැහැ. එහෙම පනතක් නෑ. ඒක මම කතානායකතුමාට දැන්නූ බව පවසමින් එසේ දැන් වූ ලේඛනය ද අගමැතිවරයා පාර්ලිමේන්තුවට කියැවීය. එහි සඳහන් වූයේ “මේ නමින් පනතක් කිසිම අවස්ථාවක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නැත. මෙම චක්‍රලේඛය දැනට අහෝසි කර ඇත. ඉහත කරුණු අනුව මෙම යෝජනාව ඉදිරිපත් කළ නොහැකි බව දන්වා සිටිමි.“ යන්නයි.


    මෙහිදී අදහස් දක්වමින් පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා පැවසුවේ මෙවැනි පනතක් නැති බවත් නැති පනතක් ගැන සාකච්ඡා කරන්නේ කෙසේද? එම නිසා යෝජනාව නැවත ඉදිරිපත් කළ යුතු බවය.


    මේ සම්බන්ධයෙන් අගමැතිවරයාගේ කරුණු දැක්වීමෙන් පසු ඒ ගැන තීන්දුවක් දීමට පස්වරු 4.15ට පමණ සභාව විනාඩි පහකට කල් තැබීමට නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා තීරණය කළේය.


    අනතුරුව පස්වරු 4.23ට පමණ සභාව නැවත රැස්වීමෙන් පසු ව නියෝජ්‍ය කතානායකවරයා සිය තීන්දුව ලබා දෙමින් මෙම කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදය සඳහා ඉදිරිපත් කර තිබූ යෝජනාවේ වාක්‍යාර්ථයන් නිසි පරිදි ඉදිරිපත් කර නොමැති බවත් එය නිසි ආකාරයෙන් සකස්කර ඉදිරිපත් කළ විට ඉදිරි දිනයක දී විවාදය සඳහා ඉඩකඩ ලබාදිය හැකි බවත් පැවසීය. ඒ අනුව පාර්ලිමේන්තු සභාව ලබන 23 වැනි දින දක්වා කල්තබන ලදී.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya