අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංගමටත් සහන මිලට ඉන්ධන ලබාගැනීමට යෝජනාවක් ඉදිරිපත් කරනවා

    සැප්තැම්බර් 10, 2014

    ශ්‍රී ලංගම බස්රථවලට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් අඩු මිලකට ඉන්ධන ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය‍ට යෝජනාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


    එයාර් ලංකා සංමාගමට මෙන් ශ්‍රී ලංගමටත් ඛනිජ තෙල් සංස්ථාවෙන් සහන මිලට තෙල් ලබා ගැනීමට පියවර නොගන්නේ මන්දැයි කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


    රවි කරුණානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින්; “ලංගමය සතු වේරහැර වැනි විශාල වැඩපොළවල් පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ කුණු කොල්ලයට විකුණා දැමූ නිසා ලංගමය පාඩු ලබන තත්ත්වයකට පත් වූ බවත් එම නිසා බස්රථ එන්ජින් අලුත්වැඩියා සහ නඩත්තු කිරීම් පිටින් කර ගැනීමට සිදුව ඇති නිසා විශාල වැයක් දැරීමට සිදුව ඇති බවද කීය.


    ලංගමය දියුණු කිරීම සඳහා ප්‍රමාණවත් මුදලක් ලබා ගැනීමට කටයුතු කරන බව කී ඇමැතිවරයා 2012 වසරේ සිට මේ දක්වා කාලය තුළ ලංගමය අලාබ ලබා ඇති බවද කීය.


    දැනට සේවකන් 33,293ක් සේවයේ යෙදී ඇති බව කී ඇමැතිවරයා සේවක අතිරික්තයක් හෝ හිඟයක් නොමැති බවද අලුතෙන් බස්රථ 2200ක් ආනයනය කිරීමට ඇති බවත් ඒ සඳහා සුදුසුකම් ඇති අය බඳවා ගැනීමට අවශ්‍ය බවත් පැවසීය.


    2012 - 2014 අප්‍රේල් දක්වා කාලය තුළ ලංගමය ක්ෂයවීමට පසු අලාභය රුපියල් හත්සිය අනූහය බිලියන හයසිය තිස්පන් දහස්අටක් (7,960,635,018) බව කී ඇමැතිවරයා මසකට එක සේවකයකුට රුපියල් 85,730 වියදම දරණ අතර ආදායම ලබන්නේ රුපියල් 80,880ක් බවත් ඒ අනුව මසකට එක් සේවකයකුගෙන් රුපියල් 4,849ක ශුද්ධ අලාභයක් ඇති බවත් පැවසීය.

     

    HC/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya