අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවීන් සපයන සියලුම අර්තාපල් තොග රජය මිලදී ගන්නවා

    සැප්තැම්බර් 10, 2014

    ගොවීන් විසින් සපයන සියලුම අර්තාපල් තොග රජය මිලදී ගන්නට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


    අර්තාපල් ආනයනය නවතා දැමීම හා බදු පැනවීම සම්බන්ධව හා අර්තාපල් ගොවීන්ගේ ගැටලු සම්බන්ධව ස්ථාවර නියෝග 23/2 යටතේ ජාතික නිදහස් පෙරමුණේ පත් කළ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු සපයමින් අග්‍රාමාත්‍ය ජයරත්න මහතා මෙලෙස පැවසීය.


    රු. 80ක ස්ථාවර මිලකට මෙවර යල කන්නයේ අර්තාපල් අස්වැන්න මිලට ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ රජය තීරණය කර ඇත. ඒඅනුව 2014 අගෝස්තු අග සිට දෙසැම්බර් දක්වා රටේ අර්තාපල් පරිභෝජන අවශ්‍යතා සැපිරීමට මෙවර යල කන්නයේ අස්වැන්න ප්‍රමාණවත් ලෙස සැපයෙන බැවින් අර්තාපල් ආනයනය නවතා දැමීමට රජය කටයුතු කර ඇත.


    ලක් සතොස විසින් මෙවර අර්තාපල් අස්වැන්න කිලෝ ග්‍රෑම් 1ක් රු.80ක ස්ථාවර මිලකට මිලදී ගැනීමට අර්තාපල් ගොවීන් සමඟ ගිවිසුම් අත්සන් කර ඇත. ඊයේ (09) වන විට ලක් සතොස මගින් අර්තාපල් මෙට්රික් ටොන් 828ක් මිලට ගෙන තිබේ.


    මෙලෙස මිලට ගන්නා අර්තාපල් ගබඩා කිරීම සඳහා රජය විසින් පහසුකම් සැපයීමට පියවර ගෙන ඇත. ඒ තුළින් ගොවියාට  හෝ රජයට ගැටලුවක් ඇති නොවන අතර ගබඩා පහසුකම් සැපයීම නිසා අර්තාපල් මිල පහළ යාම වළක්වා ගත හැකි වේ.


    ඊට අමතරව මෙම අර්තාපල් ගොවීන් හා අස්වැන්න පිළිබඳව සියලු ම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්, දිසාපතිවරුන් නිරීක්ෂණය කරන අතර පොහොර සහනාධාරය එලෙස ම පවත්වාගෙන යාමට රජය කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.


    වගා ණය ක්‍රමයේ සියයට 7ක  සහන පොලී අනුපාතයද එලෙසම ලබා දීමට රජය කටයුතු කරයි. දේශීය බීජ ප්‍රවර්ධනය කිරීම‍ මගින් අඛණ්ඩව ගොවියාට සහන සැපයීමට රජය විසින් පියවර ගෙන ඇත.

     

    SDF/UMP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya