අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වේරැස් ගඟ වැසි ජල අපවහන හා පරිසර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ජනතා අයිතියට

    සැප්තැම්බර් 10, 2014

    වේරස් ගඟ වැසි ජල අපවහන හා පරිසර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ බෙල්ලන්විල, අත්තිඩිය වගුරු බිම් කලාපය ආශ්‍රිත ප්‍රදේශයේ සිදු කළ සංවර්ධන කටයුතු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතින් ඊයේ (09) පස්වරුවේ ජනතා අයිතියට පැවරුණි.


    මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කර සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරූ ජනාධිපතිතුමා, විශේෂ රථයක නැගී එහි නිරීක්‍ෂණ චාරිකාවකද නිරත විය.


    රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය හා මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ පුරෝගාමිත්වයෙන් හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගීත්වයෙන් සිදුකළ මෙම පළමු අදියරේ සංවර්ධන කටයුතු විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රදේශයේ අති විශාල ජනතාවක් එම ගමන් මඟෙහි රැස්ව සිටි අතර ඔවුහු ප්‍රීති ඝෝෂා නගමින් ජනාධිපතිතුමා වෙත සිය ආචාරය පුද කර සිටියහ.


    මේ අවස්ථාවට පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාංකාර හිමි, මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි ප්‍රමූඛ මහා සංඝරත්නය ද සුසිල් ප්‍රේමජයන්ත, මහාචාර්ය ජී.එල්. පීරිස් ගාමිනී ලොකුගේ, සාලින්ද දිසානායක ඇතුළු මැති ඇමතිවරුන් ද ආණ්ඩුකාර අලවි මවුලානා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිනී සේදර සෙනරත් මහත්වරුන් ඇතුළු පිරිසක් එක් ව සිටියහ.


    රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට 2013 අගෝස්තු 22 ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.


    අදියර කිහිපයකින් සංවර්ධන කටයුතු සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ නුගේගොඩ, රත්තනපිටිය, බොරලැස්ගමුව, මහ ඇළ සහ රත්මලාන ප්‍රදේශවල ගංවතුර පාලනය කිරීමට කටයුතු කෙරේ.


    ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව හා එක්ව, ජපන් අන්තර්ජාතික සහයෝගිතා සංගමය (JICA) මඟින් සිදු කරන ලද ජල විද්‍යාත්මක අධ්‍යයනයක් මත පදනම් ව ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මේ ව්‍යාපෘතියේ සැලසුම් සකස් කරනු ලැබීය.


    මෙම ව්‍යාපෘතිය මඟින් වේරැස් ගඟ ද්‍රෝණියේ ඇතිවන නිරන්තර ගංවතුර ගැලීම් අවම වනු ඇති අතර, අදාළ ප්‍රදේශවල සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් තිරසර සංවර්ධන කටයුතු වර්ධනය සහ පාරිසරික දැනුම පුළුල්වනු ඇත.


    කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ දී ව්‍යාපෘතියේ සමස්ත පිරිවැය රුපියල් මිලියන 14,227ක් බවට ඇස්තමේන්තු කර තිබූ අතර එය වර්ෂ හතරක් (04) ඇතුළත නිම කිරීමට අපේක්ෂා කෙරුණි.

     

    HC/pmu_Pix by: Sudath Silva

    weres river development project 1

     

    weres river development project 2

     

    weres river development project 3

     

    weres river development project 4

     

    weres river development project 5

     

    weres river development project 6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya