අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීම) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    සැප්තැම්බර් 09, 2014

    ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීම) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.


    විදේශිකයන්ට, විදේශීය සමාගම්වලට සහ විදේශීය කොටස් හිමිකාරිත්වයත් ඇති ඇතැම් ආයතනවලට ශ්‍රී ලංකාවේ ඉඩම්වල සන්තකය පැවරීම සීමා කිරීමට විධිවිධාන සැලසීම සඳහා ද නිදහස් කිරීම් ප්‍රදානය කර ඇති අවස්ථානුගත කරුණු නිශ්චිතව සඳහන් කිරීම සඳහා ද විදේශිකයන්ට, විදේශීය සමාගම්වලට සහ විදේශීය කොටස් හිමිකාරිත්වයක් ඇති ආයතනවලට ඉඩම් බද්දට දී ම වෙනුවෙන් ඉඩම් බදුකරණ බද්දක් පැනවීම සඳහා ද ඇතැම් සංවර්ධන ව්‍යාපෘති සඳහා සහන සැලසීම සඳහා ද 1963 අංක 11 දරන මුදල් පනතේ VI වන කොටස ඉවත් කිරීම සඳහා ද ඊට සම්බන්ධ සහ අනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත.

    රජය විසින් වැඩිදුරටත් සංවර්ධන ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කරමින් පවතින ගෝලීය ලෙස අනුකලනය වූ පරිසර පසුබිමක දී ජාතික දේපොළ ආරක්ෂා වන ආකාරයෙන් සීමිත සම්පතක් ලෙස පවතින ඉඩම් විචක්ෂණශීලීව භාවිත කිරීම තහවුරු කිරීමට යෝග්‍ය වන සහ අවශ්‍ය යැයි සලකන හෙයින් මේ පනත් කෙටුම්පත මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමාගේ නියමය පරිදි ඉදිරිපත් කර ඇත.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya