මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කියුබානු විදේශ කටයුතු අමාත්‍යවරයා ජනපති හමුවෙයි

    සැප්තැම්බර් 08, 2014

    කියුබානු විදේශ කටයුතු අමාත්‍ය බෲනෝ එඩිආර්ඩෝ රොඩ්‍රිගස් පරිය්යා (Bruno Eduardo Rodriguez Parrilla) මහතා අද (09) උදෑසන අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවිය.


    ශ්‍රී ලංකාව වෙත් විදේශ සමුළුවලදී, විශේෂයෙන් ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී, කියුබාව විසින් සහය පළ කිරීම පිළිබඳව හා කැරීබියානු රට විසින් ශ්‍රී ලංකාදේ සිසුන්ට ප්‍රදානය කරන ලද උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිළිබඳව ජනාධිපතිතුමා තම ස්තූතිය පළ කර සිටියේය.


    ඇමති පරිය්යා මහතා පවසා සිටියේ කියුබාව හැකි සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවට සහය පළ කිරීමට සතුටු වන බවයි.


    "අප දෙරට අතර පවතින විශිෂ්ට සබඳතා පිළිබඳව, විශේෂයෙන්ම අප අත්‍ පවතින එකඟතාවන් පිළිබඳ අපට ලොකු විශ්වාසයක් තිබෙනවා," යැයි අමාත්‍යවරයා පැවසීය. "මෙම ඉතා අනතුරුදායක අන්තර්ජාතික තත්‍ත්වය තුළ සහයෝගයෙන් කටයුතු කිරීමට ද අවස්ථාවක් ඇත".


    ශ්‍රී ලංකාවේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ අදහස් දැක් වූ අමාත්‍ය පරිය්යා පැවසූයේ කියුබාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා සඳහා යහපත් අනාගතයක් ඇති බවට කියුබාව විශ්වාස කරන නිසාවෙන්, තම රට ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය දැක්වීමට ද නොකඩවා කටයුතු කරන බවය.


    ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්‍රමෝපායන් යනාදියෙන් පාඩම් ඉගෙන ගැනීම, කලාපීය සහයෝගීතාව ඇතුළු ජාත්‍යන්තර සබඳතා වැනි දෙරටට ම අදාළ කාරණා පිළිබඳවත් මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.


    ලංකාදේ කියුබානු තානාපති කාර්යාලයේ කාර්ය ප්‍රධානී ඉන්දිරා ලෝපේස් ආගියුලෙස් (Indira Lopez Arguelles) මහත්මිය ද අමාත්‍යවරයා සමග මෙම අවස්ථාවට එක්විය.


    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    HC/IMU_Pix by : Nishanka de Silva

    Cuban Foreign Affairs Minister Calls on President Rajapaksa 1

     

    Cuban Foreign Affairs Minister Calls on President Rajapaksa 2

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya