අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිට බදුල්ල වතු ජනතාවගෙන් මහත් හරසර

    සැප්තැම්බර් 04, 2014
    බදුල්ලේ දිස්ත්‍රික්කයේ පාසල් රැසක ඉදිකෙරුණු මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු 
    අයිතියට පවරාදීමට ඊයේ (03) එහි ගිය ජනාධිපතිතුමාට එහි ජනතාවගෙන් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි.
     
    වතුකරයේ ජනතාව මාර්ග දෙපස රැස්ව තම රාජ්‍ය නායකයා පැමිණෙන පෙරමග බලා සිටියහ. ජනාධිපතිතුමා දැකීමෙන් මහත් සතුටට පත් වු ඔවුහු ප්‍රීති ඝෝෂා නගමින් ජනාධිපතිතුමාව පිළිගත්හ.
     
    වතුකරයේ දරුවන් වෙනුවෙන් බදුල්ල, ගෝනකැලේ දෙමළ මහා විද්‍යාලයේ ඉදිකෙරුණු මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පැවරීමට ගිය ජනාධිපතිතුමාව ගෝනකැලේ වතුයායේ ජනතාව විසින් පිළිගත්තේ ද මහත් හරසරිනි.
     
    එදා දුෂ්කර යැයි සංවර්ධනයෙන් ඉවත් කර තිබූ තම ප්‍රදේශවලට මේ සා සුවිසල් සංවර්ධනයක් ලබාදී දරුවන්ට ද හොඳ අධ්‍යාපනක් ලබාදීමට රජය ගෙන යන වැඩපිළිවෙළට ප්‍රශංසාව පළ කළ ඔවුහු ජනාධිපතිතුමා වෙත සිය ආචාරය පුද කර සිටියහ. 
     
    ප්‍රධාන මාර්ගයේ සිට ගෝනකැලේ වතුයාය තුළට කිලෝමීටර් 02ක් පමණ දුරකින් මෙම පාසල පිහිටා තිබේ. ඉතා දුෂ්කරව පැවැති මෙම පළාතේ මාර්ග කාපට් අතුරා සංවර්ධනය කරන ලද්දේ වත්මන් රජය විසිනි. 
     
    එමෙන් ම සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් බේදයකින් තොරව ජනාධිපතිතුමා පැමිණෙන මඟදෙපස අතිවිශාල ජනතාවක් රැස්ව සිටියහ. ඔවුන්ට ද ආචාර කරමින් පැමිණි ජනාධිපතිතුමා පස්සර නගරයේ දී මෙන් ම මීදුම්පිටිය නගරයේ දී ද ජනතාව හමුවිය. 
     
    හොප්ටන් බංගලා කොටස අසල දී ජනාධිපතිතුමාට හිමි වුයේ ඉහළ ජනතා ප්‍රතිචාරයකි. වතු ජනතාව විශාල පිරිසක් ඒ වෙත රැස්ව ප්‍රීතී ඝෝෂා නඟමින් ජනාධිපතිතුමාව පිළිගත්හ.
     
    එමෙන් ම ජනාධිපතිතුමා පැමිණි මාර්ගයේ තිබූ අනෙකුත් පාසල්වල දරුවන් ද තම පාසල් ඉදිරිපසට වී තම රාජ්‍ය නායකයා පැමිණෙන තුරු මඟ බලා සිටියහ. එම දරුවන් අතරට ගොස් ඔවුන් සමඟ මොහොතක් රැඳෙන්නට ද ජනාධිපතිතුමා අමතක නොකළේය.
     
    සිය සංචාරය නිමා කොළඹ බලා පැමිණෙන්නට ජනාධිපතිතුමා පැමිණියේ ලුණුගල, සුමුදුගම ක්‍රීඩාංගණය වෙතය. ඒ බව සැලවීමෙන් ප්‍රදේශයේ අති විශාල ජනතාවක් ද ක්‍රීඩාංගණයට රැස්ව සිටියහ.
     
    ජනාධිපතිතුමාගේ සේයා රූ ප්‍රදර්ශනය කරමින් ප්‍රීති ඝෝෂා නඟමින් සිටි එම ජනතාව අතරට මහත් සතුටින් ගිය ජනාධිපතිතුමා මාතෘ භූමිය තව තවත් සංවර්ධනය කරා ගෙන යන්නට දිනෙන් දින රජය වටා පෙළගැසෙන එම ජනතාවට සිය ආචාරය පුද කළේය. 
     
    DB
     
    08 1
     
     
    HE BADULLA 2 1
     
    HE BADULLA 2 2
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya