අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවය කප්පාදු කර, විශ‍්‍රාම වැටුප අහෝසි කරන්නට ගිය අය රාජ්‍ය සේවය පිළිබඳ කඳුළු හෙළනවා

    සැප්තැම්බර් 02, 2014
    රාජ්‍ය සේවය පිළිබඳ අද කිඹුල් කඳුළු හෙළන අයට එදා ඔවුන්ගේ පාලන සමයෙහි කටයුතු කළ ආකාරය අමතක වී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය. 
     
    රාජ්‍ය සේවය කප්පාදු කර, විශ‍්‍රාම වැටුප අහෝසි කරන්නට කටයුතු කළ ඒ අඳුරු යුගය පිළිබඳ අද සිටින රාජ්‍ය නිලධාරින් අවබෝධයක් ලබාගත යුතු බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව පැවසූවේ අලුතින් ඉදිකෙරුණු මොනරාගල දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල සංකීර්ණය ජනතා අයිතියට පවරා දෙමිනි. 
     
    උත්සව සභාව වැඩිදුරටත් ඇමතූ ජනාධිපතිතුමා කියා සිටියේ රාජ්‍ය සේවයට සෑම පහසුකමක් ම ලබාදීම තුළින් අපේක්ෂා කරන්නේ මහජනතාවට කාර්යක්ෂම සහ විධිමත් රාජ්‍ය සේවාවක් ලබාදීම බවයි. 
     
    එමෙන්ම අද රජයේ නිලධාරින්ට සිය රාජකාරී නිසි ලෙස ඉටු කිරීම සඳහා අවශ්‍ය නිදහස ද ලබාදී තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා රජයේ කාර්යාලවලට ඔත්තුකරුවන් යවමින් ඔවුන්ට තර්ජන, ගර්ජන එල්ල කළ යුගය වත්මන් රජය නිමා කළ බවද කියා සිටියේය. 
     
    එමෙන්ම රාජ්‍ය නිලධාරින් තොරතුරු තාක්ෂණ දැනුම මෙන් ම භාෂා හැකියාවන් ද වැඩිදියුණු කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිතුමා යල් පැන ගිය පැරණි ක‍්‍රමවේද ඉවත් කර නවීන තාක්ෂණය භාවිත කරමින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීමට කටයුතු කළයුතු බවද 
    පැවසීය.
     
    අමාත්‍යවරුන් වන ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, සුමේධා ජී. ජයසේන, විජිත් විජිතමුණි ද සොයිසා, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, ජගත් පුෂ්පකුමාර, මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත බේරුගොඩ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් පී.බී. අබේකෝන්, මොනරාගල දිස්ති‍්‍රක් ලේකම් ඒ. පතිනාදන් යන මහත්වරු ඇතුළු පිරිසක් මීට එක් ව සිටියහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya