මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම් විජේසිංහයන් සාධාරණත්වයත් යුක්තිගරුක භාවයත් දැඩි ව ගරු කළ රාජ්‍ය නිලධාරියෙක්

    සැප්තැම්බර් 02, 2014
    සෑම් විජේසිංහයන් සාධාරණත්වයත් යුක්තිගරුක භාවයත් දැඩි ව ගරු කළ රාජ්‍ය නිලධාරියෙක් සෑම් විජේසිංහයන් සාධාරණත්වයත් යුක්තිගරුක භාවයත් දැඩිව ගරු කළ රාජ්‍ය නිලධාරියෙක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කරයි. 
     
    නෛතික බලයක් නොතිබුණු පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන් තනතුරේ හිඳිමින් ඔහු කළ මෙහෙවර එය අපට මනාව පැහැදිලි කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කරන්නේ අභාවප‍්‍රාප්ත සෑම් විජේසිංහ මහතා වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමිනි. 
     
    බොහෝ ක්ෂේත‍්‍රවල උසස් අධ්‍යාපනය ලබා වෘත්තීය පරිචයක් ද සහිතව රාජ්‍ය සේවයට පිවිසෙන සෑම් විජේසිංහ මහතා ශ‍්‍රී ලාංකේය පාර්ලිමේන්තු ඉතිහාසයේ නොමැකෙන මතකයක් බව පෙන්වාදෙන ජනාධිපතිතුමා එහිදී එතුමන් මහ ලේකම්වරයෙකු, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයෙකු වශයෙන් ඉතා ස්වාධීන වූත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වූත් මහා ආදර්ශයක් රටටම ලබාදීමට සමත් වූ බව සිහිපත් කරයි. 
     
    සෑම් විජේසිංහ මහතා එහිදී පෙන් වූ විශාරද බව නිසා ම ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලය සහ ආසියානු පාර්ලිමේන්තු සංගම්වල නිලතල දැරීමේ අවස්ථාව උදාවිය. ඉන් එතුමන් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් ආරක්‍ෂා කළා සේ ම ඒවා දීප්තිමත් කිරීමට ද කටයුතු කරමින් ශ‍්‍රී ලංකාවට මහත් කීර්තියක් ලබා දුන් බව ද ජනාධිපතිතුමා සිය ශෝක පණිවිඩයේ සඳහන් කර ඇත. 
     
    සෑම් විජේසිංහ මහතා ඇසුරෙන් තමාගේ පාර්ලිමේන්තු ජීවිතයට ලැබුණු ආලෝකය නැවත නැවතත් සිහිපත් කරන්නේ දැඩි ගෞරවයෙන් යුතු ව බව ද ජනාධිපතිතුමා සිය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya