මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පලස්තීන රජයෙන් ජනපතිට තුති පුදයි

    සැප්තැම්බර් 02, 2014

    මැදපෙරදිග කලාපයේ යුද ගැටුම් වර්ධනය වීම හේතුවෙන් විපතට පත් ගාසා තීරයේ පලස්තීන වැසියන්ට අසීරු අවස්ථාවේ දී නැගී සිටීමට අතහිත ලබා දුන් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ගෞරවය සහ කෘතවේදීත්වය පිරිනමන බව ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති සුහයිර් මසයිඩ් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා හමු වී ප්‍රකාශ කර සිටියේය.


    මැද‍පෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් මහත් අපහසුතාවට පත්ව සිටින පලස්තීන ජනතාවට සහනයක් සලසනු වස් හදිසි ආධාරයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියනයක් (රුපියල් කෝටි 13) පරිත්‍යාග කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත් අතර එම සද්ක්‍රියාව ඇගයීම සඳහා ශ්‍රී ලංකාවේ සිටින පලස්තීන තානාපතිවරයා විසින් ඉහත ප්‍රකාශය සිදු කරනු ලැබීය. 

    මේ වන විට ගාසා තීරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය හා පලස්තීනය දිගුකාලීන සටන් විරාමයකට එළඹ තිබෙන අතර දෙරට අතර ස්ථිර සාමයකට මාර්ගය පාදාගැනීම එමඟින් අපේක්ෂා කරන බව ද තානාපතිවරයා එහිදී පෙන්වා දී ඇත. 

    ශ්‍රී ලංකාව සහෝදරත්වයෙන් යුතුව පලස්තීන රජයට හා එරට ජනතාවට දක්වන සහය සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ සමස්ත ජනතාවට ප්‍රණාමය පළ කරන බවත් මෙමඟින් දෙරට අතර ඇති ද්විපාර්ශවීය සම්බන්ධතාව තවදුරටත් වර්ධනය වන බව ද සුහයිර් මසයිඩ් මහතා මෙහිදී අවධාරණය කළේය.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya