අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිලා-දුන්-නබි සැමරුම අගමැති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 20, 2021

    මිලා-දුන්-නබි ජාතික සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(19) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මෙම උත්සවය සංවිධානය කර තිබිණි. ජාතික මිලා-දුන්-නබි සැමරුම-2021 වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් ද අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මෙහි දී නිකුත් කෙරිණි.

    ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ සමරු මුද්දරය සහ මුල්දින කවරය අග්‍රාමාත්‍යතුමාට පිළිගැන්නුවේය.

    මුහම්මද් නබිනායකතුමාගේ උපන් දින සැමරුමට සමඟාමීව පැවැත්වූ නිර්මාණ තරග ජයග්‍රහණය කළ සිසු දරුවන්ට මෙහි දී අග්‍රාමාත්‍යතුමා විසින් ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කරන ලදි.
    අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා මෙහිදී අග්‍රාමාත්‍යතුමාට සමරු තිලිණයක් ප්‍රදානය කළේය.

    මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අධිකරණ අමාත්‍ය එම්.යූ.එම් අලි සබ්රි, ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කාදර් මස්තාන්, මර්ජාන් ෆලීල්, එච්.එච්.එම් හාරිස්, ඉෂාන් රහුමාන්, නසීර් අහමඩ්, අලි සබ්රි රහීම් මහත්වරු සහ විදෙස් තානාපතිවරුන් මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර, තැපල්පති රංජිත් ආරියරත්න, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඊබ්‍රහිම් අන්සර් මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya