අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සමගියේ මහ සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

    අප්‍රේල් 07, 2014

    ජාතික සමගියේ මහ සමුළුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (07) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    එහිදී ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය මගින් සකස් කෙරුණ ජාතික සමගිය උදෙසා ජනතා ප්‍රඥප්තිය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් ජනාධිපතිතුමන් වෙත පිළිගන්වනු ලැබිණි. මීට සමඟාමීව එහිදී ජාතික සමගිය පිළිබඳව පාසල් දරුවන් අතර පැවති චිත්‍ර තරගයේ ජයග්‍රාහක සිසුසිසුවියන්ට ජනාධිපතිතුමන් අතින් තිළිණ පිළිගැන්වීමක් ද සිදු කෙරිණ.

    මෙම අවස්ථාවට ජ්‍යේෂ්ඨ අමාත්‍යවරු වන ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, අමාත්‍යවරු වන දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්දා, රවුෆ් හකීම්, නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් යන මහත්වරුද ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් මල්කාන්ති වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිසක් ද  එක්ව සිටියහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya