අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහා සංඝරත්නය එක්දහස් පන්සිය නමක් විෂයෙහි මහා සංඝගත දක්ෂිණාවක් -ජනපති අගමැති ඇතුළු පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන්

    ජනවාරි 23, 2020

    මහා සංඝරත්නය එක්දහස් පන්සිය නමක් විෂයෙහි මහා සංඝගත දක්ෂිණාවක් -ජනපති අගමැති ඇතුළු පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන්

    මහා සංඝරත්නය එක්දහස් පන්සිය නමක් විෂයෙහි සංවිධානය කෙරුණු මහා සංඝගත දක්ෂිණාවක් වීරකැටිය නිවසේ දී පැවැත්විණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පවුලේ ඥාතීහු ඊට එක්ව සිටියහ.

    මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කරමින් සිතුල්පව්ව ‍රජමහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළේ අඳුරට ගමන් කරමින් තිබූ රට නිවැරදි මගට ගැනීමට ජාතියේ පිනට නායකත්වයට පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ රට සුඛිත මුදිත කිරීමට ශක්තිය තිබෙන බවයි. එම වැඩපිළිවෙළට මහා සංඝරත්නයේ නිරන්තර ආශිර්වාදය සහ අනුශාසනාව හිමිවන බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya