අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියළුම ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන්ට භක්තියෙන් පිරුණු හා සාමකාමි නත්තලක් වේවා!- අග්‍රාමාත්‍ය

    දෙසැම්බර් 25, 2019

    සියළුම ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන්ට භක්තියෙන් පිරුණු හා සාමකාමි නත්තලක් වේවායි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උදා වූ නත්තල වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි

    අග්‍රාමාත්‍යවරයාගේ නත්තල් දින පණිවුඩය

    ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සනිටුහන් කරන නත්තල් උත්සවය සමරන සියළුම ශ්‍රී ලාංකික කිතුනු බැතිමතුන්ට මම මගේ උණුසුම් සුභාශිංසන පිරිනැමීමට කැමැත්තෙමි. අති උතුම් ෆැන්සිස් ශුද්ධෝත්තම පියතුමා නත්තල් උත්සවය ගැන වරක් පවසා සිටියේ, එයපාපය හා අකීකරුකම තුළින් මානව වර්ගයාට නැති වී තිබුණු ගෞරවාන්විත තත්ත්වය නැවත ලබා දිම ස‍ඳහා මනුෂ්‍යයකු හැටියට පහළ වූ දේව පුත්‍රයාණන් වහන්සේ පෙරදැරිකර ගත් භක්තියේ මංගල්‍යයක් හැටියටය. ලොවපුරා වාසය කරන කිතුනු බැතිමතුන් නත්තල් සමයේදී සිදු කරන්නේ දයාව, අධිෂ්ඨානය, සහකම්පනය පිළිබඳ පණිවිඩය රැගත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය හා ඉගැන්වීම් සැමරීමයි. සාම්ප්‍රදායිකව නත්තල යනු පවුල් එකතු වන, තෑගි භෝග හුවමාරු කරගන්න, ආහාර පාන භුක්ති විඳින, ප්‍රිතීමත් අවස්ථාවකි. විශේෂයෙන්ම ළමුන්, නත්තල යනු නත්තල් සීයා පැමිණෙන සමය හැටියට සළකනු ලබයි.

    නත්තල් උත්සවය කවදත් ඉතාමත් අවිහිංසාවාදී ප්‍රීතිමත් අවස්ථාවක් විය. නමුත් මේ වසරේ ශ්‍රී ලාංකික කිතුනු බැතිමතුන් නත්තල සමරන්නේ පාස්කු ඉරිදා සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරය පසුබිම් කරගෙනය. ඒ බෝම්බ ප්‍රහාර නිසා කිතුනු බැතිමතුන් සිය ගණනක් මියගොස් තවත් සිය ගණනක් තුවාල ලබා ඇත. තුවාල ලැබූ ඇතැමුන් තවමත් ප්‍රතිකාර ලබමින් සිටී. අනුන්ගේ ආගමික නිදහස පිළිගන්නේ නැති ආගම්වාදී ත්‍රස්තවාදීන් පිරිසකගේ ගොදුරක් බවට ශ්‍රී ලාංකික කිතුනු ප්‍රජාව පත් විය. පාස්කු ඉරිදා සිදු වූ ඒ බෝම්බ ප්‍රහාරය නිසා මේ වසරේ නත්තල් දේවමෙහෙයන් පැවැත්වීමට සිදු වී ඇත්තේ, පෙර නොවූ විරූ ආකාරයේ ආරක්ෂක විධිවිධාන යටතේය. ආගම හා ජාතිය පදනම් කරගත් පටු දේශපාලනය නිසා අපේ මවුබිමට අත්වී ඇති කණගාටුදායක ඉරණම එයින් සනිටුහන් වේ.

    පාස්කු ඉරිදා සිදු වූ මිලේච්ච ප්‍රහාරය නිසා සියළුම කිතුනු බැතිමතුන් මේ වසරේ නත්තල සමරනු ඇත්තේ එක්තරා අඳුරු වළාකුලක් යටතේය. නමුත් ශුද්ධ වූ ජුවාන් තුමාගේ සුභාරංචියේ සඳහන් වන පරිදි, ආලෝකය අන්ධකාරය තුළ දිදුළන අතර, අන්ධකාරයට ඒ ආලෝකය යටපත් කළ නොහැක. ආගම්වාදී ත්‍රස්තවාදය නැමැති අඳුර දුරුකොට අපේ මාතෘ භූමියට ආරක්ෂාවත්, සාමයත් නැවත ගෙනදීමට ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව ඇප කැප වී සිටී. මෙම නත්තල් සමයේ සියළුම ශ්‍රී ලාංකික කිතුනු බැතිමතුන්ගෙන් මම කරන ඉල්ලීම වන්නේ අන්තවාදී බලවේගවලට ඉඩ නොදී තමන්ගේ ආගම ඇදහීමේ නිදහස භුක්ති විඳින ලෙසයි. සියළුම ශ්‍රී ලාංකික කිතුනු බැතිමතුන්ට භක්තියෙන් පිරුණු හා සාමකාමි නත්තලක් වේවායි මම ප්‍රාර්ථනා කරමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya