නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තමන් කැමති අයෙකු වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කරන්න- ජනපති

    නොවැම්බර් 16, 2019

    2019 නොවැම්බර් මස 16 වන දින එනම් හෙට දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී දිවයින පුරා සිටින සියලුම ඡන්ද දායකයන්ට නිදහසේ සිය ඡන්දය භාවිතා කිරීමට අවශ්‍ය වාතාවරණය මේ වන විට රට තුළ ශක්තිමත් කර තිබේ.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ඒ සඳහා අවශ්‍ය සියලු විධිවිධාන සලස්වා තිබෙන අතර, අනවශ්‍ය ප්‍රචාර සහ කටකථාවලට නොරැවටී තම ඡන්ද මධ්‍යස්ථානවලට ගොස් ඡන්දය භාවිතා කරන ලෙස ජනාධිපතිතුමා සියලු ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටි.

    එමෙන්ම ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වූ රටක පුරවැසියන්ගේ බලයක් මෙන්ම ප්‍රධාන වගකීම සහ යුතුකම වන්නේ තමන් කැමති අයෙකු වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කිරීම බවයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya