මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සදහම් යාත්‍රා 55 වැනි දම් සභාව” ජනපති සහභාගිත්වයෙන් ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථානයේ දී

    ඔක්තෝබර් 14, 2019

    සෑම පුන් පොහෝ දිනකම ප්‍රසිද්ධ විහාරස්ථානයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 55 වැනි දම් සභාව වප් පුන් පොහෝ දින යෙදී ඇති   (13) දින ජනාධිපති   මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන්  ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.

      කැලණිය පුදබිම වෙත  ගිය ජනාධිපතිතුමා පූජ්‍ය කොල්ලුපිටියේ  මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

    හෝමාගම පිටිපන මෙත්සිත් අරණ විවේක සෙනසුනේ ප්‍රධාන අනුශාසක පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ධර්මාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය ලුණුගම්වෙහෙරේ නාරද ස්වාමීන් වහන්සේ මෙවර ධර්ම දේශකයාණන් වහන්සේ  වූ අතර, ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට ජනාධිපතිතුමා සහභාගි විය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලසන්ත අලගියවන්න, තිලංග සුමතිපාල, යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ ප්‍රාදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya