මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චන්ද්‍රසිරි ගජදීර මහතා පිළිබඳ ශෝක යෝජනාව අද(20) පාර්ලිමේන්තුවේදී සම්මත විය

    සැප්තැම්බර් 20, 2019

    චන්ද්‍රසිරි ගජදීර මහතා පිළිබඳ ශෝක යෝජනාව අද(20) පාර්ලිමේන්තුවේදී

    වේත්‍රධාරී විසින් සෙංකෝලය තැන්පත් කළ පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ මුලසුන යටතේ පාර්ලිමේන්තුව අද (20 දා) පෙරවරු 10.30 ට රැස්‌වූහ.

    නිවේදන, වාර්තා සහ ලිපි ලේඛන ඉදිරිපත් කළ පසුව වාචික පිළිතුරු අපේක්‌ෂාවෙන් මන්ත්‍රීවරුන් අසන්නාවූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරුද උත්තර දුන්හ.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මාතර දිස්ත්‍රික්කයෙන්  පාර්ලිමේන්තුවට පැමිණ 1994 වර්ෂයේ සිට 2019 දක්වා අවුරුදු 22කට අධික කාලයක් ආදර්ශමත් දේශපාලනයක් කල චන්ද්‍රසිරි ගජදීර මහතාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    ශෝක යෝජනාව ඉදිරිපත් කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිල මහතා පැවසුවේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ මුල් අවස්ථාවේදීම ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පලන නියෝජ්‍ය ඇමති ධූරය දැරීය.පසුව සමූපකාර පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය ඇමති ධූරය දැරීය.වෘත්තීයපුහුණු හා ග්‍රාමීය කර්මාන්ත නියෝජ්‍ය ඇමති ධූරයද, නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ධූරයද, ධීවර හා ජලජීවී සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ධූරයද, නියෝජ්‍ය මුදල් අමාත්‍ය ධූරයද, පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරය වැනි අමාත්‍ය ධූර පිළිවෙලින් දරමින් චන්ද්‍රසිරි ගජදීර මහතා අපේ රටේ අභිවෘද්ධිය සඳහා කැප වූ අමාත්‍යවරයෙකු බවයි.

    අවුරුදු 20කට අධික කාලයක් ඉතාමත් ප්‍රතිපත්තිගරුක දේශපාලන ජීවිතයක් ගෙන ගිය  චන්ද්‍රසිරි ගජදීර මහතා පිළිබඳ ශෝක යෝජනාව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා  විසින් ස්ථිර කරන ලදී.

    අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසුවේ එතුමාගේ වියෝව මේ රටේ ප්‍රගතශීලී දේශපාලනයට ඉතාමත් පාඩුවක් බවයි.

    ස්වදේශ කටයුතු,රාජ්‍ය පරිපාලන,සමූපකාර,බන්ධනාගාර ආදී විවිධ අංශයන්හි නියැලෙමින් එතුමා සිදු කල දේශපාලන කාර්යය විශිෂ්ඨ බවද. තවද එල්.ටී.ටී රැඳවියන් පුනරුත්ථාපනය කරමින් ඔවුන් සමාජගත කිරීම සඳහා විශාල සේවයක් සිදුකල ආදර්ශමත් නායකයෙකු බවද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya