පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පත් කල පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට(20) දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී සාක්ෂි ලබා ගැනීමට නියමිතය. පාර්ලිමනේතු විශේෂ තේරීම් කාරක සභා සාමජිකයේකු සඳහන් කළේ හෙට(20) උදෑසන 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් ජනාධිපතිවරයාගෙන් සාක්ෂි ලබා ගන්නා බවයි. තේරීම් කාරක සභා අවසන් වාර්තාව ඉදිරිපත් කළ යුතු දිනය එළඹෙන ඔක්තොම්බර් මස 30 වන දින දක්වා කල් දමා ඇත. ඒ ඊයේ(18) දිනයේදී පාර්ලිමේන්තුවේදී යොමු කල යෝජනාවකට අනුවයි.