මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ඉතා සාර්ථකයි - මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියයි

    සැප්තැම්බර් 19, 2019

    විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක මණ්ඩලයේ ගැටළු විසඳීමට කඩිනමින් පියවර ගන්නා බව ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ අද(19) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න වලට පිළිතුරු දෙන අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ සේවකයින් බඳවා ගැනීම සඳහා අද දින සිදු කරන සම්මුඛ පරීක්ෂණ නීත්‍යනුකූල බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී. අමාත්‍යවරයා මේ බව පැහැදිලි කර සිටියේ පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    තවද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.සී මුතුකුමාරණ මහතා විසින් මුදල් අමාත්‍යංශයේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය පිළිබඳ කරන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේ යාපනය දිස්ත්‍රික්කයේදී  පසුගිය දින 4ක් තිස්සේ ඉතා සාර්ථක ලෙස එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය පැවැත් වූ බවත් ලක්ෂ 2 කට ආසන්න ජනකායක් එය නැරඹීමට පැමිණි බවත් යුද්ධයෙන් පසු යාපනයේ පැවති සාර්ථකම ප්‍රදර්ශනය එම ප්‍රදර්ශනය බවත්ය.

    උතුරු නැගෙනහිර ආර්ථිකය දියුණු කරමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට මේ ප්‍රදර්ශනය ඔස්සේ හැකි වූ බවත්උතුරු පළාතේ  ප්‍රතිලාභීන්  2873කට ඉන් ප්‍රතිලාභ ලබා දී ඇති බවත් මොණරාගල ප්‍රදර්ශනයෙන් 2192කට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ 2398කට මින් ප්‍රතිලාභ හිමි වූ බවත් අමාත්‍යවරයා  සඳහන් කර සිටියේය. නව තරුණ ව්‍යවසායකයින්ට රුපියල් ලක්ෂ 15 දක්වා ණය මුදලක් මෙමගින් ලබා දෙන බවත් යාපනයේ තරුණ තරුණියන් රැසක් මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී වු බවත් මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    තවද වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ගැටළුව පිළිබඳව පූර්ණ අවධානය යොමු කර ඇති බවත්  අර්ධ අබාධිත තත්වයේ පසුවන රණවිරුවන්ටද විශ්‍රාම වැටුපට අමතරව මුදලක් ලබා දීමට ආරක්ෂක අමාත්‍යංශයෙන්ද යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර ඒ පිළිබඳව ඉදිරියේදී සලකා බලන බවද මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya