අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බාහිර උපාධීධාරීන් 4,178 කට අගමැතිගේ ප්‍රධානත්වයෙන් පත්විම්

    සැප්තැම්බර් 19, 2019

    බාහිර උපාධිධාරීන් 4,178 කට අගමැති අතින් පත්වීම් ඊයේ (18) දිනයේදි අරලියගහ මන්දිරයේ දි සිදු කෙරිණි.

    රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි බාහිර උපාධිධාරීන් 4,178 කට අභ්‍යාසලාභී පුහුණු නිලධාරීන් ලෙස පත්වීම් ලබා දීමට ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික සැලසුම් පිළිබඳ අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි එම අමාත්‍යංශය විසින් කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකය ප්‍රකාශ කරයි.

    උපාධිධාරීන් 20,000 කට රජයේ අභ්‍යාසලාභී පත්වීම් ලබා දීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් කළ යෝජනාවකට 2018 වසරේ දී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු අතර, එහි ප්‍රථම පියවර ලෙස 2018 අගෝස්තු මාසයේදී උපාධිධාරීන් 3,200 කට රජයේ පත්වීම් ලබා දෙන ලද බව නිවේදනය කෙරිණි.

    එහි දෙවන පියවර වශයෙන් 2019 අගෝස්තු මාසයේදී 12,133 දෙනෙකුට පත්වීම් පිරිනැමිනි. මෙම පත්වීම් අභ්‍යන්තර උපාධිධාරීන් සඳහා මුලිකත්වය දුන් අතර, බාහිර උපාධිධාරීන් 887 කට පමණක් පත්වීම් ලැබිණි. ඊයේ (18) දිනයේ දි පැවැති උත්සවයේදී තවත් බාහිර උපාධිධාරීන් 4,178 කට පත්වීම් ලබා දෙන ලදී. ඒ අනුව මේ වන විට උපාධිධාරීන් 19,511 දෙනෙකුට රජයේ පත්වීම් ප්‍රදානය කොට ඇත.

    තවත් පත්වීම් 489ක් ලබා දීමට නියමිත අතර, එම සංඛ්‍යාව නොයෙකුත් හේතු මත පත්වීම් නොලැබුණු සහ ඒ පිළිබඳව අභියාචනා ඉදිරිපත් කෙරුණු උපාධිධාරීන් වෙනුවෙන් වෙන් කොට ඇත. ඒ අතර වයස 43 සිට 45 දක්වා වන උපාධිධාරීන් පිළිබඳවද මෙම අභියාචනා ක්‍රියාවලියේදී සලකා බලනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya