අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015-2018 රජයේ ආයතනවල දූෂණ හා වංචා සෙවීමට ජනපති පත් කළ පරික්ෂණ කොමිෂමේ අතුරු වාර්තාව ජනපතිට භාරදෙයි

    ජූනි 07, 2019

    2015 ජනවාරි මස 15 දින සිට 2018 දෙසැම්බර් මස 31 දින දක්වා කාලය තුළ රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි සිදුවූ දූෂණ කි‍්‍රයා, වංචා, සාපරාධි ලෙස විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධී ව්‍යපහරණය, රැවටීම හා බලය හෝ අධිකාරිය, රාජ්‍ය සම්පත් හා වරප‍්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතය සෙවීමේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ අතුරු වාර්තාව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීම අද (06) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    කොමිෂමේ සභාපති විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර සෙසු සාමාජිකයන් වන විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය ඇතුළු සෙසු සාමාජික සාමාජිකාවන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

    2015 ජනවාරි මස 15 වැනි දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ කි‍්‍රයා, වංචා, සාපරාධි ලෙස විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධි පරිහරණය, රැවටීම සහ බලය හෝ අධිකාරිය, රාජ්‍ය සම්පත් හා වරප‍්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම හෝ අවභාවිතයට එරෙහි බරපතළ චෝදනා පිළිබඳ මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ඒවා කඩිනම් අපක්ෂපාති, පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිෂමේ කාර්ය භාරය විය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් ඉකුත් ජනවාරි 17 වනදා පත් කරන ලද කොමිෂමේ වාර්තාව මාස 06ක් තුළ ජනාධිපතිතුමා වෙත භාරදීමට නියමිතව තිබිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya