අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර සංවේදී ප‍්‍රජාවක් බිහි කිරීම වෙනුවෙන් ජාතික පරිසර සතියට සමගාමීව වැඩසටහන් රැසක්

    ජූනි 03, 2019

    ජාතික පරිසර සතිය නිමිත්තෙන් අද (03) පෙරවරුවේ ජනාධිපති මන්දිර පරිශ‍්‍රයේ කිරිපළු පැළයක් රෝපණය කිරීම ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

    ජූනි 05 වන දාට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් මැයි 30 සිට ජූනි 05 දක්වා වන සතිය ජාතික පරිසර සතිය ලෙස ප‍්‍රකාශයට පත් කරමින් විවිධ වැඩසටහන් කි‍්‍රයාවට නංවා තිබිණි.

    මැයි 30 වනදා පරිසරය පවිත‍්‍ර කිරීමේ හා පරිසරය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය ලෙසත්, මැයි 31 වනදා වායු දූෂණය හා අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය ලෙසත්, ජූනි 01 වනදා රුක් රෝපණ දිනය ලෙසත්, ජූනි 02 වනදා ජලය හා ජල මූලාශ‍්‍ර සංරක්ෂණ දිනය ලෙසත් නම් කර දීප ව්‍යාප්තව විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක කෙරුණු අතර ජූනි 03 වන දින ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය ලෙසත්, ජූනි 04 වන දින තිරසර ඉඩම් කළමනාකරණ දිනය ලෙසත් ප‍්‍රකාශයට පත් කරමින් වැඩසටහන් සංවිධානය කර ඇත.

    අද වන විට වායු දූෂණය මිනිසාගේ සෞඛ්‍යයට ප‍්‍රබල තර්ජනයක් එල්ල කර තිබේ. මේ වන විට ලෝක ජනගහනයෙන් පුද්ගලයන් දහ දෙනෙකු අතරින් නව දෙනෙකුම ජීවත් වනුයේ, ජීවත් වීමට සුදුසු වාතාශ‍්‍රයකින් යුතු පරිසරයක නොවන බව සොයාගෙන තිබෙන අතර, නවතම සොයාගැනීම අනුව අපිරිසිදු වාතය ආඝ‍්‍රාණය හේතුවෙන් ලොව පුරා වසරකට මිය යන පිරිස මිලියන 07 කට ආසන්න බව ඇස්තමේන්තු කර ඇත. මෙසේ මිය යන පිරිසෙන් මිලියන 04ක පමණ ප‍්‍රමාණයක් ආසියානු හා ශාන්තිකර කලාපීය රටවල්වලින් වාර්තා වන බැවින්, එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන මෙවර පරිසර දින තේමාව ‘වායු දූෂණය’ ලෙස නම් කර තිබේ.

    වායු දූෂණය ස්වභාවිකව වෘක්ෂලතා මඟින් අවම කරන අතර, රට තුළ සුවදායී පාරිසරික තත්ත්වයක් ඇති කිරීමෙහිලා ප‍්‍රශස්ත වන ආවරණයක් පවත්වාගෙන යෑම බෙහෙවින්ම උපකාරී වේ. එබැවින්, මෙවර පරිසර දිනය ශ‍්‍රී ලංකාව සමරනු ලබන්නේ ‘තිරසර වන කළමනාකරණයක් මඟින් වායු දූෂණය අවම කිරීම’ යන තේමාව යටතේ ය. ඒ වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මකය.

    මේ අතර පරිසර සංවේදී ප‍්‍රජාවක් බිහි කිරීම වෙනුවෙන් පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් පාසල් දරුවන්, රාජ්‍ය සේවකයන් සහ පොදු ජනතාව ඉලක්ක කර ගනිමින් දීප ව්‍යාප්තව වැඩසටහන් රැසක් කි‍්‍රයාවට නංවා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya