අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණවිරුවන් ජීවිත පූජා කළේ මාතෘ භූමිය වෙනුවෙන්- ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයින් වෙනුවෙන් මගේ ගෞරවය පුද කරනවා- ජනපති

    මැයි 19, 2019

    ජාත්‍යන්තර ත්‍රස්තවාදය අතුගා දැමීමට අපේ රණවිරුන්ටත් බුද්ධි අංශවලටත් සම්පූර්ණ හැකියාව තිබෙන බවත්  රටේ ස්ථීර සාමයක් සමඟ ස්වයංපෝෂිත ආර්ථිකයක් සමඟ ප්‍රජතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගීමට කැපවෙමු  යැයි ද අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

     රණවිරු උත්තම ප්‍රණාම සැමරුම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) සවස  ආරම්භ වූ අතර එම අවස්ථාව අමතමින් ජනාධිපතිතුමා මේ බව පැවසී ය

    රටට ස්ථීර සාමය ලබාගෙන දස වසරක් සම්පූර්ණ වීමයි අද සමරන්නේ. මම ඔවුන් වෙත ප්‍රණාමය භක්තිය  පිරිනමනවා. ඔවුන් ජීවිත පූජා කළේ මාතෘ භූමිය වෙනුවෙන්. ජීවත් වන ජනතාව ස්ථීර සාමය ප්‍රජාතන්ත්‍රවාදය  ආරක්ෂා කරමින් භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින් සෛරීත්වය පිළිබඳව තිබූ කැපවීම තුළයි, ජාතියේ  අනාගතය වෙනුවෙන් ඔවුන් ජීවිත පූජා කළේ. ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයින් වෙනුවෙන් මගේ ගෞරවය පුද කරනවා.  ඔවුන් සිහිපත් කරනවා. ආබාධිතව ජීවත්වන රණවිරුවන් වෙනුවෙන් ගෞරවය පිරිනමනවා.

    අපි අද වසර 10කට පසුව යුද්ධය අවසන් වීම, වසරක් වසරක් පාසා සිහිපත් කරමින් ඔවුන්ට ගෞරව කරමින් වසර  9ක් ගත කළා වගේම දසකයක් තුළ නැවතත් සිහිපත් කරනවා. වසර 40ක් තිස්සේ ඔවුන්ගේ දරුවන් බිරින්දෑවරු  ඥාතීන් කඳුළු සලා තිබෙනවා. රජයක් ලෙස ජාතියක් ලෙස පුරවැසියන් ලෙස ඒ ශේෂ්ඨ පුත්‍රයන්ට ශෝකය පළ  කරනවා. අසීරුවෙන් දිනූ යුද්ධයක්. අවුරුදු 30ක කුරිරු යුද්ධයේ අත් දැකීම්වලින් පෝෂණය වී තිබෙනවා.එදා මිත්‍ර  හමුදාවන් ගන්න සිදු වුණා. විදේශ හමුදාවක් පැමිණියේ වුවද එල්. ටී. ටී. ඊ . ත්‍රස්තවාදය පරාජය කරන්න හැකි  වුණේ නෑ.

    අපි සටන්කාමී ජාතියක්. විවිධ අවස්ථාවල විදේශිකයින් ආක්‍රමණය කිරීම වසර දහස් ගණනක සිට සිදු වුණා. ජීවිත  පරිත්‍යාගයෙන් ඔවුන් මව් බිම බේරාගනු ලැබුවා. නිදහස බුක්ති විදිමින් වසර 10ක් ගත කළා. අප බලාපොරොත්තු නොවූ අකාරයට අප්‍රේල් 21 දා සිදුවීමෙන් අපේ  ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයින් මෙන්ම විදේශිකයින් මිය ගියා. අපේ ආරක්ෂක කටයුතුවල නියැලි නිලධාරීන්ට නැවත  වගකීමක් පැවරී තිබෙනවා ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයකට මුහුණ දීමට. මෙම අප්‍රේල් 21 සිදුවීම ලංකාවේ  ප්‍රශ්නයක් නොවේ, ලෝකයේ ප්‍රශ්නයක් බව. මේවා මර්දනය කිරීමේ වගකීම පැවරෙන්නේ බුද්ධි  අංශවලටයි.ජාත්‍යන්තර ත්‍රස්තවාදය අතුගා දැමීමට අපේ රණවිරුන්ටත් බුද්ධි අංශවලටත් සම්පූර්ණ හැකි යාව  තිබෙනවා. අපට ස්ථීර සමය පිළිබඳ විශ්වාසයක් තැබිය හැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා. රටක් විදියට ලෝකය  සමඟ අත්වැල් ගත යුතුයි, රට තුළ අන්තවාදී ත්‍රතවාදය තුරන් කිරීමට.

    වසර 30ක යුද අත් දෑකීම් සමඟ රටට ස්ථීර සාමය ලබාදීමට රජය හා ආරක්ෂක අංශවලට වගකීම පැවරී  තිබෙනවා,වගේම එය ඉටු කරගත හැකියි. යුද වීරයින්ට ගෞරවය පුද කරනවා. අප දස වසරක් සමරමින් සිහිපත් කරන යුද ජයග්‍රනය සමඟ මේ රටේ ස්ථීර
    සාමයක් සමඟ ස්වයංපෝෂිත ආර්ථිකයක් සමඟ ප්‍රජතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගීමට කැපවෙමු කියලා  ආරාධනා කරනවා. සියලු රණවිරුවන් සිහිපත් කරනවා, ඔවුන්ට මා බෞද්ධයෙක් ලෙස පින් පමුණුවනවා යැයි ද  පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya