මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කෙරේ

    මාර්තු 31, 2019

    ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. රනුග්ගේ මහතා පත් කර තිබේ.

    එහි ලේකම්වරයා ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික‍්‍රම මහතා පත් කර තිබෙන අතර, සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරින් වන සී.පී. සිරිවර්ධන, ආචාර්ය දමිතා ද සොයිසා, ලලිත් කන්නංගර, ජානක සුගතදාස, චිත‍්‍රාංගනී වාගීෂ්වර, චන්ද්‍රානි සේනාරත්න, කිංස්ලි ප‍්‍රනාන්දු, ජී.එස්. එදිරිසිංහ, එම්.සී. වික‍්‍රමසේකර, වෛද්‍ය පාලිත අබේකෝන්, ඞී.අබේසුරිය, ලෙස්ලි දේවේන්ද්‍ර යන මහත්වරුන් කටයුතු කරති.

    ඔවුන් වෙත පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීම   ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

    ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya