අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා සහ අපරාධ විද්‍යා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය ජනපති ප්‍රදානත්වයෙන් ..

    මාර්තු 20, 2019
    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා අධ්‍යයනාංශයේ සමාජවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සහ අපරාධ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (19) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. 
    පාඨමාලා සාර්ථකව අවසන් කළ 166 දෙනෙකු  ඩිප්ලෝමා සහතික පත් ලබාගත් අතර සංකේතවත්ව 06 දෙනෙකු වෙත ජනාධිපතිතුමා අතින් සහතික පත් පිළිගැන්විණි. 
    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, මානව සම්පත් හා සමාජ විද්‍යා පීඨයේ පිඨාධිපති මහාචාර්ය ජී.පී.එන් චන්ද්‍රකුමාර, මහචාර්ය මයුර සමරකෝන්, මහාචාර්ය ඩබ්.එස්. විජේකෝන්, මහාචාර්ය ප්‍රණිත් අබේසුන්දර යන මහත්වරුන් ඇතුළු අචාර්ය මහාචාර්වරුන් ඇතුළු විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya