මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''රට වෙනුවෙන් එකට සිටිමු''ජාතික සංවර්ධන වැඩසටහන- අද සිට පුත්තලමෙන් ඇරඹේ

    මාර්තු 18, 2019

    'රට වෙනුවෙන් එකට සිටිමු''ජාතික සංවර්ධන වැඩසටහනේ සමාරම්භක වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කයෙන් අද (මාර්තු 18 දින) සිට ආරම්භ වෙයි.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ජනාධිපති කාර්යාලය විසින් මෙම වැඩපිළිවෙල සංවිධානය කර මෙහෙයවනු ලබයි.

    රට වෙනුවෙන් එකට සිටිමු ජතික වැඩසටහනේ සමරම්භක ව්‍යාපෘතිය පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16ක් ඉලක්ක කර ගෙන එකම දිනක එකම වේලාවක මහජන සේවාවන් ආරම්භ කෙරේ.

    ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම පරිදි ජනාධිපති කාර්යාලය විසින් මෙහෙයවනු ලබන ජාතික සංවර්ධන ව්‍යාපෘති වන මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන,රණවිරු සත්කාරක සේවා වැඩසටහන,ඩෙංගු මර්දන වැඩසටහන,දරුවන් සුරකිමු ව්‍යාපෘතිය ඇතුළු විශේෂ ව්‍යාපෘති ඇතුළු විවිධ අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක ජාතික සංවර්ධන වැඩසටහන් වෙන් ම සමාජ සුබසාධන වැඩසටහන් කාර්යක්ෂමව,ඵලදායි ලෙස ග්‍රාමීය මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා උපරිම සේවාවක් මහජනතාවට අත්පත් කර දීම රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩපිළිවෙලේ මුඛ්‍ය අරමුණයි.

    ඒ අනුව පුත්තලමෙන් ආරම්භ වන මෙම ජාතික වැඩසටහන 18 වැනි අද සිට 22 දින දක්වා පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම, මුද්දලම,පල්ලම,මහවැව, වෙන්නප්පුව,වනාතවිල්ලුව, දංකොටුව,මහකුඹුක්කඩවල,කරුවලගත්වැව,ආණ්මඩුව,නවගත්තේගම,කල්පිටිය,හලාවත ,ආරච්චිකට්ටුව,නාත්තන්ඩිය සහ මාදම්පේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කේන්ද්‍රකර ගනිමින් මහජන සේවාවන් මේ සතිය පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත.

    ''රටවෙනුවෙන් එකට සිටිමු'' ජාතික වැඩසටහනේ පුත්තලම් දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවය මාර්තු 22  දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන නියෝජිතයන් රැසකගේ සහභාගීත්වයෙන්  පැවැත්වීමට නියමිතය.

    මෙම ජාතික ව්‍යාපෘතිය තුළින් මහජන ගැටළු හා අවශ්‍යතාවයන් කඩිනමින් විසඳීමට කටයුතු කරන බැවින්  පුත්තලම දිස්ත්‍රික්කයේ මහජනතාවට මෙම ජාතික වැඩසටහනට සක්‍රියව දායකවන ලෙස ජනාධිපති ලේකම්  කාර්යාලය ජනතවගෙන් ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya