අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    මාර්තු 08, 2019

    ''සුහුරු කතක් - සොදුරු ලොවක්'' තේමාව යටතේ අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගණයේ දී අද (08) සංවිධානය කර තිබූ ජාත්‍යන්තර කාන්තා දින  සැමරුම් උත්සවයයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති ගරු  මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා එක් විය.

    2019 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කාන්තා කටයුතු අමාත්‍යාංශය සම්පාදනය කළ ප්‍රකාශනය ද මෙහි දී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

     ජාතික වශයෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ කාන්තාවන් ජනාධිපතිතුමා අතින් ඇගැයීමට ලක් වූ අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් ව්‍යවසායක කාන්තාවන් කිහිප දෙනෙකුට ඇගැයීම් සම්මාන  හා සහතික පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

     කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, ඇමතිනි තලතා අතුකෝරළ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දර්ශනී සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya