අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙරළ සහ සමුද්‍රාරක්ෂාව සම්බන්ධ ව ශ්‍රී ලංකාවට ජපානයේ අඛණ්ඩ සහය

    පෙබරවාරි 17, 2019

    වෙරළාරක්ෂාව සහ සමුද්‍රාරක්ෂාව සම්බන්ධ ව ශ්‍රී ලංකාවට ජපානයේ අඛණ්ඩ සහය ලබා දෙන බව ජපාන අගමැතිවරයාගේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ණැබඒරද ීදබදමර් මහතා පවසයි.

    දිවයිනට පැමිණ සිටින ඒ මහතා   (15) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළේය.

    වෙරළාරක්ෂක සහ සමුද්‍රාරක්ෂක කටයුතු පිළිබඳ ශ්‍රී ලංකාව සහ ජපානය අතර නව සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීම පිළිබඳව ද මෙහිදී යෝජනා කෙරිණි.

    ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස ජනාධිපතිතුමා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.

    මේ අතර සමුද්‍රාරක්ෂක හා කලාපීය වෙරළාරක්ෂක සම්මේලනය මෙම වසරේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

    ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි නාවිකයන් වෙත වෙරළාරක්ෂක පුහුණුව ලබාදීමේ නවීන නෞකාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට ද මෙහිදී ණැබඒරද ීදබදමර් මහතා එකඟතාවය පළ කළේය.

    ජපානය ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහය පිළිබඳව මෙහි දී සිය කෘතඥතාවය පළ කළ ජනාධිපතිතුමා විශේෂයෙන් ම යුද්ධය පැවති ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල දී ලබාදුන් සහය ඇගැයීමට ලක් කළේය. තවත් ප්‍රදේශ කිහිපයක එම කටයුතු ක්‍රියාත්මක කළ යුතුව ඇති බැවින් ඒ සඳහා සහය ලබාදෙන ලෙස ද ජනාධිපතිතුමා ඉල්ලා සිටියේ ය.

    ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya