අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රමිකයන්ගේ වැටුප් ගැටලූව ඇතුථ තේ කර්මාන්තය ආශ්‍රිත ගැටලූ පිළිබද සොයා විසදුම් ඉදිරිපත් කිරීමට ජනපතිගෙන් කමිටුවක් ...

    පෙබරවාරි 14, 2019

    තේ කර්මාන්තයේ නියුතු ව සිටින ශ්‍රමිකයන්ගේ වැටුප් ගැටලූව ඇතුථ තේ කර්මාන්තය ආශ්‍රිත ව මතුව ඇති කෙටිකාලීන සහ දිගුකාලීන ගැටලූ පිළිබද අධ්‍යයනයක් සිදුකොට ලබාදිය හැකි විසදුම් ඉදිරිපත් කිරීම සදහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන   මැතිතුමා විශේෂ කමිටුවක් පත්කරයි. 

    තේ කර්මාන්තයේ නියැලී සිටින ශ්‍රමිකයන්ගේ වැටුප් ගැටලූව පිළිබද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ජනාධිපතිතුමා විසින් මෙම කමිටුව පත් කරන ලදී.

     ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකර, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ෙජ්.ඒ. රංජිත්, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ආර්. රාජපක්ෂ, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, තේ මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.එල්.පී. විෙජ්වර්ධන, කම්කරු කොමසාරිස් ජනරාල් ෙජ්. විමලවීර යන මහත්වරුන් සහ  කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මෙන් ම ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය, ශ්‍රී ලංකා තේ තැරුව්කරුවන්ගේ සංගමය, තේ අපනයනකරුවන්ගේ සංගමය නියෝජනය කරන නියෝජිතයෙකු බැගින් මෙම කමිටුවට ඇතුළත් ය. 

     තේ කර්මාන්තය ආශි්‍රත ව පැණ නැගී ඇති ගැටලූවලට විස`දුම් ලබාදෙමින් එහි උන්නතිය උදෙසා ගතයුතු කඩිනම් කි්‍රයාමාර්ගවලට එළැඹීම සහ කර්මාන්තයේ නියුතු ශ්‍රමිකයන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීම මෙම කමිටුව පත් කිරීමේ අරමුණයි. මසක් ඇතුළත අදාළ කමිටු වාර්තාව ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ යුතු ය. 

     තේ කර්මාන්තයේ නියුතු ශ්‍රමිකයන්ගේ වැටුප් ඉහළ නැංවීමට මතුව ඇති බාධා සහ තේ අපනයනයේ දී මතුව ඇති ගැටලූ පිළිබ`දව ද මෙම හමුවේ දී පු`ථල් ලෙස සාකච්ඡාවට බදුන් විය.

     ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලදාරින් ද ප්‍රවීණ කි්‍රකට් කී්‍රඩක මුත්තයියා මුරලිදරන් මහතා ද තේ කර්මාන්තය ආශ්‍රිත සංගම්වල නියෝජිතයන් ඇතු`ථ පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

     ( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya