මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සුවසැරිය” මෙහෙයුම් මධ්‍යස්ථානයේ කටයුතු ජනපතිගේ නිරීක්ෂණයට

    පෙබරවාරි 02, 2019

    1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ මෙහෙයුම් මධ්‍යස්ථානය  01) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

    රාජගිරියේ පිහිටි සුවසැරිය ගිලන් රථ සේවාවේ මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා එහි මෙහෙයුම් මැදිරියේ කටයුතු පිළිබඳ සොයා බැලීය.

    ගිලන් රථ ද ජනාධිපතිතුමාගේ පරික්ෂාවට ලක් කෙරිණි.

    ඉන්දීය රජයේ පූර්ණ ත්‍යාගශීලි ආධාරයක් ලෙස 2016 වසරේ දී ගාස්තු රහිත පූර්ව රෝහල් ප්‍රතිකාර සේවාවක් වන 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ආරම්භ කෙරුණු අතර මේ වන විට එය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ.

    කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද ජනාධිපතිතුමා සමග මෙම අවස්ථාවට එක්ව සිටියේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya