මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අවඥාවට ලක් කරන්නේ ඊට සම්බන්ධ පිරිස් විසින්ම බව ජනපති පවසයි

    ජනවාරි 31, 2019

    මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අවඥාවට ලක් කරමින් සිටින්නේ එම ජාවාරමට සම්බන්ධ පිරිස් විසින්ම බව ජනාධිපතිතුමා පවසයි.

    කුමන මුහුණුවරකින් පෙනී සිටිය ද ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදලට යට වී ඇති බව ජනාධිපතිතුමා සඳහන් කළේ  (30) පෙරවරුවේ මාතර සනත් ජයසූරිය කී‍්‍රඩාංගණයේ පැවැති ,මතින් නිදහස් රටක්, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ති‍්‍රක් සමුළුව අමතමිනි.

    මෙහි දී අදහස් දැක්වු ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය මර්දනය, පාලනය සහ නිවාරණය වෙනුවෙන් මෙතෙක් ගෙන ගිය වැඩසටහන ශක්තිමත් කරනවා සේම පාසල් දරුවන් සහ රාජ්‍ය නිලධාරින් මුල්කර ගනිමින් විශේෂ වැඩසටහන් කිහිපයක් ඉදිරි මාස කිහිපය තුළ දී කි‍්‍රයාවට නංවන බවයි.

    එල්ටීටීඊ ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය යුද්ධයට හා සමාන යුද්ධයක් මත්ද්‍රව්‍ය අභියෝගය පරාජය කිරීමට ද රජය ගෙන යන අතර එහි දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමේ තීරණය ද ළගදීම කි‍්‍රයාවට නංවන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    ථෙරවාද බෞද්ධ දර්ශනයට විරුද්ධව අද විවිධ බලවේග කි‍්‍රයාත්මකවන අතර බෞද්ධ දර්ශනය විකෘති කර පෙන්විමට ගෙනයන කුමන්ත‍්‍රණ, සංස්කෘතික වටිනාකම් විනාශ කිරීමට ගෙන යන කුමන්ත‍්‍රණ සේම මත්ද්‍රව්‍ය ජාවාරම ද රට විනාශ කිරීමට ගෙන යන ක‍්‍රමානුකූල සංවිධානාත්මක කුමන්ත‍්‍රණයක් බව ජනාධිපතිතුමා කියා සිටියේ ය. එහිදී දැඩි තීන්දු තීරණ ගනිමින් සහ සිය වගකීම් නිසි ලෙස ඉටුකරමින් මාතෘ භූමිය රැක ගැනීමට සියලුදෙනා පෙළගැසීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළේ ය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ මෙහයවීමෙන් කි‍්‍රයාත්මක ,මතින් නිදහස් රටක්, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහට සමගාමීව පැවැත්වෙන දිස්ති‍්‍රක් සමාලෝචන වැඩසටහන් මාලාවේ 13 වැනි වැඩසටහන මෙලෙස මාතර දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්විණි. මාතර දිස්ති‍්‍රකකයේ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් පුළුල් වැඩසටහන් මාලාවක් පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට කි‍්‍රයාත්මක කෙරිණි. ඒ යටතේ, දිස්ති‍්‍රක්කයේ සියලුම ග‍්‍රාම නිලධාරි කොට්ඨාස (650) ආවරණය වන පරිදි ග‍්‍රාමීය වැඩසටහන් 650ක් පවත්වා මහජනතාව හා නිලධාරින් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ඝෘජුව දැනුවත් කර තිබේ. එසේම මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධන බළකායට අනුයුක්ත නාවික හමුදා හා ගුවන් හමුදා නිලධාරින් මගින් මාතර දිස්ති‍්‍රක්කයේ කලාප 05ක පාසල් 51ක පමණ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු කෙරිණි.

    මෙම වැඩසටහන්වල ප‍්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඊට දායකවූවන් ඇගැයීමට ලක් කිරීම ද මෙම සමුළුවේ දී සිදු විය. මාතර දිස්ති‍්‍රක් පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ නියමුවන්ට නිල ලාංඡන පැළඳවීම, කි‍්‍රයාකාරී ග‍්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු 04 ක් සඳහා සහ කි‍්‍රයාකාරි පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු 03ක් සඳහා ඇගැයිම් සහතික පත් ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    මීට අමතරව තාරුණ්‍ය මත්ද්‍රව්‍ය උවදුරෙන් නිදහස් කර ගැනීමට විශ්වවිද්‍යාලවල දායකත්වයෙන් විශේෂ වැඩසටහනක් කි‍්‍රයාවට නංවා තිබෙන අතර, ඒ යටතේ රුහුණු විශ්වවිද්‍යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ පර්යේෂණ ඒකකයේ කටයුතු සඳහා මූල්‍ය පරිත්‍යාගයක් පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය. මහාචාර්ය සමන් චන්දන එදිරිවීර මහතා ඊට අදාළ චෙක්පත ජනාධිපතිතුමා අතින් ලබා ගත්තේ ය.

    දක්ෂිණ ලංකාවේ උප ප‍්‍රධාන අධිකරණ සංඝනායක හා මාතර ඉසිපතනාරාමාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය තලහගම ඥානරතන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන් ද, අමාත්‍ය මංගල සමරවීර, නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්ද්‍රසිරි ගජධීර, පළාත් අමාත්‍යවරුන් වන චන්දිමා රාසපුත‍්‍ර, මනෝජ් සිරිසේන යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් ද, මාතර දිස්ති‍්‍රක් ලේකම් ප‍්‍රදීප් රත්නායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මතින් නිදහස් රටක්, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ති‍්‍රක් සමුළුව අමතමින් ජනාධිපතිතුමා කළ කතාව
    2019-01-30 දින මාතර සනත් ජයසූරිය කී‍්‍රඩාංගණය

    මතින් නිදහස් රටක් ජාතික වැඩසටහන ආරම්භ කරමින් එහි වැදගත් අවස්ථාවක මාතර දිස්ත‍්‍රික්කයේ ඔබ හමුවීමට ලැබීම පිළිබඳව මම ඉතාමත් සතුටුවෙනවා. පසුගිය වසර 4ක කාලය තුළ ජනාධිපතිවරයා විදියට මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය හා පාලනය සම්බන්ධයෙන් රාජ්‍ය ප‍්‍රතිපත්තිය තුළ ගත හැකි සියලු ක‍්‍රියාමාර්ග මා විසින් ගෙන තිබෙනවා.

    මා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සිටි කාලය තුළ නව නීති රීති සම්මත කළා, ගැසට් නිවේදන පළ කරා. ජනාධිපති ධුරයට පත් වී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළමු පනත මත්ද්‍රව්‍ය පිළිබඳ පනතයි. සිගරට් පැකැට්ටුවේ අවවාද සහිත ඡුායාරූප සියයට 80 ක් කරන්න සෞඛ්‍ය ඇමතිවරයා ලෙස එදා ගත් තීරණය ක‍්‍රියාත්මක කරන්න ගිය අවස්ථාවේ දුම්කොළ සමාගම් සහ තවත් අය අධිකරණයට ගියා. අධිකරණය කිව්වා සියයට හැටයි දෙන්න පු`එවන්. අසූවක් දෙන්න බැහැ කියලා. නමුත් මම ජනාධිපති ලෙස පත්වූ පසුව අධිකරණ තීන්දුවේ සියයට හැට පසෙකලා පාර්ලිමේන්තුවේ 225ක ඡුන්දයෙන් අපිට පු`එවන්කම ලැබුණා සිගරට් පැකැට්ටුවේ අවවාද චිත‍්‍රය සියයට අනූව දක්වා ඉහළ නංවන්න.

    ඒ වගේම අද ලෝකයේ දියුණු ඉහළ ම ආර්ථිකයක් තිබෙන ඉහළ ම තාක්ෂණයක් තිබෙන ඇතැම් රටවල්වල මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය හා පාලනය පිළිබඳ ක‍්‍රියාත්මක නොවන නීති රීති, ගැසට් නිවේදන ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වෙනවා. මම සෞඛ්‍ය ඇමතිවරයා කාලයේ හාමුදුරුවනේ වසරකට තුන් වතාවක් නැත්නම් හතර වතාවක් ජිනීවා යනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ රැස්වීම්වලට. ඒ ගිහින් විවේකයක් ලැබුණු අවස්ථාවක නගරයේ ඇවිදින්න ගියාම බස් නැවතුම්පළක ඉන්න පු`එවන්කමක් නැහැ. ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් සියල්ල පිළිබ`දව කතා කරන මුලස්ථානය තිබෙන්නේ ජිනීවාවල. නමුත් සිගරට් බොන්නේ නැති කෙනෙකුට ජිනීවාවල බස් නැවතුම්පොළක ඉන්න පුළුවන්කමක් නැහැ. මොකද බස් නැවතුම්පොළ සිගරට් දුමෙන් වැහිලා නිසා. ඒ සම්බන්ධයෙන් අපේ රටේ තිබෙන නීති රීති ඒ රටේ නැහැ.

    අපේ රටේ අද මහජනයා ගැවසෙන ස්ථානවල දුම් බොන්න බැහැ. බස් රථයේ දුම්බොන්න බැහැ. ඒ නීති රීති සම්මත කළේ පසුගිය වසර කිහිපය තුළ. අද මේ කාර්යය පිළිබඳව, මෙහි වැදගත්කම ඔබ දන්නවා. මෙහිදී කතා කළ පාසල් දරුවනුත් විශේෂඥ වෛද්‍යතුමාගේ දේශනයත් ඔබේ බොහෝ මතකයන් අවදි කළා කියා මා විශ්වාස කරනවා. දරුවනේ මෙය මගේ කාර්යයක් නොව එය ඔබේ කාර්යයක්. මෙය මගේ කාර්යයක් නොව දෙමවිපියනි, එය ඔබේ කාර්යයක්. මෙය මගේ කාර්යයක් නොව රාජ්‍ය නිලධාරී මහත්වරුනි, මහත්මියනි එය ඔබේ කාර්යයක්. පන්සලේ හාමුදුරුවෝ ධර්ම දේශනාවලත් අනෙකුත් ආගමික පූජකතුමන්ලාගේ දේශන තුළත් මත්ද්‍රව්‍යවලින් වැළකීම පිළිබඳව කොතෙක් කරුණු අඩංගුද. බෞද්ධයන්ගේ පන්සිල් පදවලට සුරාමේරය ශික්ෂා පදය එක්කරන්නට ඒ යුගය තුළ බුදුන් වහන්සේට සිදුවූයේ ඇයි. ඒ මීට වසර දෙදහස් හයසියයකට එහා තිබුණු සමාජයේ ත් මත්ද්‍රව්‍ය ප‍්‍රබල ප‍්‍රශ්නයක් වී තිබුණු නිසා.
    ඉන් මෙහා ගත්විට ඉංග‍්‍රීසීන්ගේ පාලන කාලය තුළ ධර්මපාලතුමා වැනි ශ්‍රේෂ්ඨයින් මත්ද්‍රව්‍ය මර්දනය, පාලනය හා නිවාරණය සම්බන්ධයෙන් පුළුල් ජාතික සටනක් ගෙන ගියා. ගෞරවණීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා අපේ ඉතිහාසයේ මත්ද්‍රව්‍ය මර්දනයට දී ඇති නායකත්වය පිළිබඳව බොහෝ තැන්වල සඳහන් වෙනවා.

    පසුගිය ජනවාරි 21 සිට 28 දක්වා සතිය මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය හා පාලනය පිළිබඳ ජාතික සතියක් ලෙස නම් කර තිබුණා. විශේෂඥ වෛද්‍යතුමාගේ දේශනය තුළ කිව්වා වගේම අපි ඒ සතියේ දිවයින පුරා පාසල්වලට වෛද්‍යවරුන්, යුද, නාවික, ගුවන්, පොලිස්, සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින්, විද්වතුන්, පාසල් වල හා රජයේ කාර්යාලවල දේශනවලට යැව්වා. පාසල් දරුවන් අහපු ප‍්‍රශ්න මට වාර්තා වුණා.

    මත්ද්‍රව්‍ය වැළැක්වීම 2015 දී මා වැඩසටහන් ආරම්භ කරමින් එදා මම පාසල්වලට ගිහින් කතාකරන විටත් එදා මගෙන් අහපු ප‍්‍රශ්න ඒ විදියටම වසර 4ක ට පසුවත් දරුවෝ මගෙන් අහලා තිබුණා. මට මතකයි රත්නපුර සීවලි විද්‍යාලයේ දරුවෙක් අහලා තිබුණා අපේ දේශකයෙකුගෙන් මත්ද්‍රව්‍ය මර්දන සතියක් ප‍්‍රකාශයට පත්කරලා තිබෙනවා ඔබතුමාගේ රජයට, මේ වැඬේ සතියකින් කරන්න පුළුවන් ද කියලා. ඒ වගේම තව පාසලක දරුවෙක් අහලා තිබුණා ඇයි රජය අරක්කු, සිගරට් විකුණන්න ඉඩ දෙන්නේ කියලා. ඒ දරුවා තව අහලා තිබුණා ආණ්ඩුවට දෙන බදු නිසා නේද කියලා. මේ කියන සෑම ප‍්‍රශ්නයක ම සත්‍යයක් තිබෙනවා. සාධාරණ යුක්ති සහගත තත්වයක් තිබෙනවා. අපි හිතන්නේ මානවයාගේ ආරම්භයක් සිටම මත්ද්‍රව්‍යයත් ආරම්භ වන්න ඇති කියලා. නමුත් එදා මෙදා වෙනස බරපතළයි. අද නව තාක්ෂණය බරපතළ විෂ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ව්‍යාප්තිය, බෙදාහැරීම ස`දහා භාවිතා කරනවා. අරක්කු සිගරට් වලට විරුද්ධව ගෙන ගිය ජනමතය පිළිබ`ද ඔබ දන්නවා. අපි එහි ජයග‍්‍රහණයන් රාශියක් ලබාගත්තා. එහෙත් ඒවා යටපත් කරගෙන මත්පෙති, මත්කුඩු අද සමාජයට ගලා එන්න පටන් අරන් තිබෙනවා.
    විශ්වවිද්‍යාල දරුවන්ට නොමිලේ බෙදාගෙන යනවා මේක භාවිතා කරලා බලන්න කියලා. පාසල් වලටත් නොමිලේ මත්ද්‍රව්‍ය බෙදාදෙනවා ජාවාරම්කාරයින්. අපේ පොලිසියේ මහත්වරු මා සමග විවිධ අවස්ථාවල මේ පිළිබඳ සාකච්ඡා කරන විට ඔවුන් මා සමග කී ප‍්‍රශ්නයක් තමයි පාසල් දරුවෝ ගෙවල්වල මත්ද්‍රව්‍ය හදලා පාසලට ඇවිත් ඒවා භාවිතා කරන්න පටන් අරන් තිබෙනවා කියලා. මේ තත්ත්වය ඉතාමත් නරක තත්වයක්. අපේ රටේ මත්ද්‍රව්‍ය පිළිබඳ සාමාන්‍ය තත්ත්වය ගත්තොත් 1505 අපේ රටේ පළමුවැනි බටහිර ආක‍්‍රමණයත් සමග විදේශිකයින් මුහුදුබඩ ඉන්න අයට මත්ද්‍රව්‍ය හුරුකෙරුවා. ඊට පසු ඒ තත්වය වරින් වර වර්ධනය වුණා. ඉංග‍්‍රීසි ආණ්ඩුව කාලේත් අලුත් පනත් හදලා තිබෙනවා මත්ද්‍රව්‍ය මර්දනය සඳහා. පසුකාලීනව 80 දශකයේ දී තමයි ලංකාවේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පළමුවරට හමුවුණේ. හෂීස්, කොකේන්, මර්ජුවානා, ගංජා, අද කෘතිමව හදන සින්තටික් මත්ද්‍රව්‍ය, මේ වගේ දේවල් අද සමාජය වෙලාගෙන තිබෙනවා.

    ලංකාවේ බොහොම කීර්තිමත් පළාතක් තමයි දකුණු පළාත. රාජ රාජ මහාමාත්‍යාදීන් බිහිකළ, මේ රට එක්සේසත් කළ කීර්ති කුමාරයා, මහා විජයබාහු රජ්ජුරුවෝ, දකුණෙන් බිහිවූ බව ඔබ දන්නවා. මෑත භාගය ගත්විට ලංකාවේ පළාත් 09 න් අධ්‍යාපනය පැත්තෙන් ගත්විට දකුණු පළාත ඉදිරියෙන් සිටිනවා. අපේ පළාත් අධ්‍යාපන ඇමතිතුමා ඇතුළු නිලධාරීන් වසර ගණනක් පුරා ගෙනගිය වැඩසටහන ඔබ දන්නවා. ඒ සඳහා දායක වූ සියලු දෙනාටම අපි ඒ ගෞරවය හිමිකර දිය යුතුයි. සෞඛ්‍ය ක්ෂේත‍්‍රය ගත්තත් දකුණු පළාත ඉදිරියෙන් සිටිනවා. ආර්ථික වශයෙනුත් මාතර දිස්ත‍්‍රික්කය රටේ ඉදිරියෙන් සිටින දිස්ත‍්‍රික්කයක්. ස්වභාවික සම්පත්වලින් අනූන වූ ඒ මහා විශ්මිත වටිනාකම් සහිත මාතර දිස්ත‍්‍රික්කය කර්මාන්ත, කෘෂිකර්මාන්තය, වැවිලි කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, ධීවර කර්මාන්තය යනාදියෙනුත් කැපී පෙනෙන දිස්ත‍්‍රික්කයක්. ඒ සියල්ල ගැන අපි සතුටු වෙනවා. නමුත් ඉතාමත් කනගාටු වෙන තත්ත්වයකුත් තිබෙනවා. පසුගිය මාසය කිහිපය තුළ විෂ මත්ද්‍රව්‍ය වැඩිපුරම අත්අඩංගුවට ගත්තේ වැටලීම්වලින් දකුණු පළාතේ.

    අද මේ සමුළුව මාතර පවත්වන්න හේතුව කුමක්ද අපේ හාමුදුරුවනේ. අපි ජාතික වශයෙන් වැඩසටහන් රාශියක් දිස්ත‍්‍රික් මට්ටමින් ගෙනියනවා. මත්ද්‍රව්‍ය, පරිසර සංරක්ෂණය, දරුවන් සුරකිමු. වකුගඩු නිවාරණය, දේශීය ආහාර නිෂ්පාදනය. දිස්ත‍්‍රික් වැඩසටහන් මේ දිස්ත‍්‍රික්කයෙත් මීට කලිනුත් කරලා තියෙනවා. මේ වැඩසටහන මේ වසරේ අපි මේ දෙවැනි වැඩසටහන. මේ අවුරුද්ද අපි පටන් ගත්තේ මත්ද්‍රව්‍ය ජාතික සතිය උතුරෙන් මුලතිව්වලින්. ඇයි ඒ යුද්ධයෙන් පීඩාවට පත් වෙච්ච ඉතාමත් අසරණ ජනතාවක් අදත් ජීවත් වන උතුරේ අද මත්ද්‍රව්‍ය පිළිබඳ ව්‍යාප්තිය ඉතාමත් බරපතළයි. අපරාධ වැඩිවෙමින් පවතිනවා මත්ද්‍රව්‍ය නිසා.

    දෙමව්පියනි, දරුවනි ඔබට කනගාටුවෙන් වුවත් මා කිව යුතුයි ඒ මහා විශිෂ්ටකම් පෙන්වන දිස්ත‍්‍රක්කය දකුණ. අධ්‍යාපනයෙන් ද, සෞඛ්‍යයෙන් ද, කර්මාන්තරණයෙන් ද ආර්ථිකයෙන් ද, විවිධ දක්ෂතා තුළින් ද ඉතා ඉහළින් උගතුන් බිහිකරන දිස්ත‍්‍රික්කයක්. නමුත් අද දවසේ ගත්විට මත්ද්‍රව්‍ය වැඩිපුරම භාවිතා කරන මත්ද්‍රව්‍ය වැඩිපුර අසුවෙන වැටලීම් වලින් සොයාගන්නා ප‍්‍රධාන දිස්ත‍්‍රික්කයක් බවට මාතර පත්වෙලා තියෙනවා. මම හිතනවා ලංකාවේ අනිත් දිස්ත‍්‍රික්කවලට වැඩිය මාතර දිස්ත‍්‍රික්කයේ ඇස්වල කඳුළු පිරිච්ච අම්මලා වැඩි ඇති කියලා.

    සිගරට්, අරක්කු වලින් වන හානිය ඔබ දන්නවා. නමුත් ඊටත් වඩාත් මේ විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නිසා අද දරු පවුල් විනාශ වීම, දරුවන්ගේ අධ්‍යාපනය, දෙමාව්පියන්ගේ ආර්ථිකය විනාශ වීම, රෝගී වීම, සමාජයෙන් ප‍්‍රතික්ෂේප වීම, පිළිකුල් කිරීම, නින්දා අපහාසවලට ලක්වීම ඒ සියල්ලට හිමිකම් ලබනවා. උරුම වෙනවා. මාතර දිස්ත‍්‍රික්කය අපේ හාමුදුරුවනේ වහ වහ, මේ මහා ව්‍යසනයෙන් බේරාගත යුතු වෙනවා. ඒ සඳහා ඔබ වහන්සේලා ප‍්‍රමුඛව රාජ්‍ය නිලධාරීන්, මැතිඇමතිවරු, දේශපාලඥයින් ඒ සෑම කෙනෙක් ම මේ දිස්ත‍්‍රක්කයේ උගතුන්, බුද්ධිමතුන්, ජනතාව සමග දරුවන් ඒකරාශි කරගෙන නායකත්වය ගත යුතුයි කියා මා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා.

    මෙය සුළු පටු තත්ත්වයක් නොවේ. ලෝකයේ ආණ්ඩු පෙරළනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ලෝකයේ දේශපාලඥයින් විනාශ කරනවා. ඔබ දැක්කා මාධ්‍ය තුළ. මං දැන් සති තුනකට කලින් ගියා පිලිපීනේ. මත්ද්‍රව්‍යවලින් රට විනාශ වුණා. ඉන්න ජනාධිපතිතුමා ජයග‍්‍රහණය කරවූයේ එතුමා ගත්ත ඡුන්ද ප‍්‍රතිශතය පිලිපීනයේ 39 දශම ගානක්. එතුමා අතට ගත්ත පළමුවැනි දේ කුමක්ද? පිලිපීනයේ මත්ද්‍රව්‍ය අලෙවි කරන අය විතරක් නෙමෙයි, ජාවාරම්කාරයෝ විතරක් නෙවෙයි. කොහේහරි තැනක විෂ මත්ද්‍රව්‍ය හෂීස්, කොකේන්, මරිජුවානා, අයිස් මේ වගේ දේවල් පාවිච්චි කරන කෙනෙක් හිටියොත් ඔහුව ඉවර කරලා දැම්මා.
    මං ගිය සතියේ සිංගප්පූරුවේ ගියෙත් ඒ වැඩසටහනට අමතරව මත්ද්‍රව්‍ය පිළිබ`දව විශේෂඥයින් සම`ග සාකච්ජා කරන්න. පිලිපීනයේ විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අලෙවි කරන අයට මරණ ද`ඩුවම දෙනවා. ඉන්දියාවේ සහ ඇමරිකාවේත් මරණ ද`ඩුවම ක‍්‍රියාත්මකයි.මමත් මරණ ද`ඩුවම ළගදීම දෙනවා. මේ රට බේරගන්න ඕනෑ. මේ උතුම් ලෝකය අද ථෙරවාදී ධර්මයේ මූලස්ථානය. හාමුදුරුවනේ අපේ රටට විරුද්ධව නොයෙකුත් විදෙස් බලවේග ක‍්‍රියාත්මක වෙනවා.
    අද මේ රටේ එක්තරා සුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් බෞද්ධ දර්ශනය පිළිබ`දව, බුදුන් වහන්සේගේ උපත පිළිබ`දව ඉතාමත් වැරදි අර්ථකතනයන් කරමින්, පොත් මුද්‍රණය කරමින්් මේ රටේ බෙදා හරිනවා. ඒ පිටුපස ඉන්නේ ඒවාට මුදල් දෙන්නේ රාජ්‍ය නොවන සංවිධාන.
    ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව කොළඹ මුලස්ථානයයේ තමයි මේ රටේ ඓතිහාසික උරුමයන් වන වසර දහස් ගණනවක් අප විසින් ආරක්ෂා කළ, සුරක්ෂිත කළ කාටවත් නොදුන්න ලියකියවිලි තියෙන්නේ. පසුගිය දවස්වල එම දෙපාර්තමේන්තුව රජයේ කිසිම අනුදැනුමක් නැතුව, කිසිම එක`ගතාවයත් අනුමැතියක් නැතුව විදේශ රටකට ඒ සියල්ල දීලා තියෙනවා. ඒ නියෝජිතයා ඇවිත් ඒ සියල්ල පොටෝ කොපි කරගෙන, ස්කෑන් කරගෙන ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් අරන් ගිහින් තියෙනවා.
    එක් පැත්තකින් බෞද්ධ දර්ශනය විකෘති කරලා පෙන්වන්න ගෙන යන කුමන්ත‍්‍රණ. තවත් පැත්තකින් ජාතික ලේඛනාරක්ෂක ආයතනය වැනි අපේ උරුමයන්, අපේ මහා සංස්කෘතියක් සමග ගොඩනැගුණු ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ ඒ මහා වටිනාකම් විනාශ කරන ක‍්‍රමන්ත‍්‍රණ. මේවා අප විසින් තේරුම් ගත යුතු වෙනවා. මත්ද්‍රව්‍ය පිළිබඳව මෙවැනි තත්ත්වයක් මේ රටේ ඇති වෙලා තිබෙන්නේ එය එක්වර නොව මෙය ක‍්‍රමාණුකූලව කි‍්‍රයාත්මක වේච්ච පැහැදිලි සංවිධානාත්මක වැඩපිළිවෙළක්.

    ඒනිසා අපි මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් මේ ගෙන යන වැඩසටහනේ මේ ඉන්න රාජ්‍ය නිලධාරීන්, විදුහල්තිතුමන්ලා, දිසාපතිතුමන්ලා, යුද, නාවික, ගුවන්, පොලිසිය, සුරාබදු, සෞඛ්‍ය සේවය, අධ්‍යාපන මේ සෑම කෙනෙක්ම දන්නවා අපි පසුගිය අවුරුදු කිහිපය තුළ ආයතනවල කි‍්‍රයාත්මක කළ යුතු වැඩසටහන් සම්බන්ධයෙන් චක‍්‍රලේඛ කොපමණ නිකුත් කළාද? මේවගේ සාකච්ජා, සම්න්ත‍්‍රණ රටේ කොච්චර තිබ්බද ?අපි කි‍්‍රයාත්මක ආයතන ප‍්‍රධානීන් ගෙන්වලා කොච්චර තිබ්බද ? ඒ චක‍්‍රලේඛ අනුව, උපදෙස් අනුව ඒ කි‍්‍රයත්මක කළ වැඩසටහන සැබෑ ලෙසම එසේ සාර්ථකව රටේ කි‍්‍රයාත්මක කළානම් ඒ මත්ද්‍රව්‍ය මර්දන ජාතික සතියේ පාසල් දරුවෝ අහන ඒ ප‍්‍රශ්නය අහන්නේ නැහැ. ඒ වැඩසටහන සමහර තැන්වල හරියට කි‍්‍රයාත්මක වුණා. සමහර තැන්වල නැහැ. ඒ වැඩසටහන් කි‍්‍රයාත්මක කරා නම් අපි දීලා තියෙන උපදෙස් අනුව සෑම දෙපාර්තමේන්තුවක, අමාත්‍යාංශයකම මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයක් හැදෙන්න අවශ්‍යයි. හුඟාක් තැන්වල හදලා තියෙනවා. සෑම රාජ්‍ය ආයතනයක අමාත්‍යාංශයකම, දෙපාර්තමේන්තුවකම, සංස්ථාවකම මත්ද්‍රව්‍ය ඒකක හැදෙන්න අවශ්‍යයි. සෑම ග‍්‍රාමසේවක වසමක මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය හැදෙන්න අවශ්‍යයි.

    ග‍්‍රාම නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ලා, පවුල් සෞඛ්‍ය නිලධාරීන්තුමන්, සෞඛ්‍ය වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව දිසා ලේකම්වරුන්ගේ, ප‍්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් අනුව ඒ වැඩසටහන් ඉතා සාර්ථකව මේ රටේ ප‍්‍රදේශ ගණනාවක කරලා තිබෙනවා. නමුත් ඒ වැඩසටහනේ අඩුපාඩුකම් නිසා අර දරුවෝ තවමත් ප‍්‍රශ්න අහනවා. ඒ නිසා දුර්වලතා අපි මග හරවා ගන්න අවශ්‍යයි. මේ ප‍්‍රශ්නයට අපි මුහුණ දෙන්න අවශ්‍යයි. අපි සෑම කෙනෙක්ම ඒ උපදෙස් අනුව රාජ්‍ය ආයතන කි‍්‍රයාත්මක කිරීම අවශ්‍ය වෙනවා. මත්ද්‍රව්‍ය මර්දනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළේ අඩුපාඩු නිසා මේ ප‍්‍රශ්නයට අපි මුහුණ දෙන්න අවශ්‍යයි. අපි සෑම කෙනෙක්ම ඒ උපදෙස් අනුව රාජ්‍ය ආයතන තුළ කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍යයි.
    මත්ද්‍රව්‍ය මර්දනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ අපි ශක්තිමක් කරනවා වගේම අද මේ මාතර වැඩසටහනේ අවසානය නොව පසුගිය අවුරුදු හතරක් ගෙන ගිය වැඩසටහනේ තවත් බලවත් ප‍්‍රවේශයක් නැත්නම් ආරම්භයක් කියලා මම ප‍්‍රකාශ කරනවා.

    පාසල් දරුවා තමයි සමාජයට යහපත් පණිවිඩයක් ගෙන යන්න හොඳම පණිවිඩ කරුවා. ඒ නිසා අපි මේ වර්ෂයේ විශේෂයෙන් පාසල් දරුවන්, රාජ්‍ය නිලධාරීන් මුල් කරගත් විශේෂ වැඩසටහන් කිහිපයක් ඉදිරි මාසයක, දෙකක කාලය තුළ කි‍්‍රයාත්මක කරනවා.
    මේ වැඩසටහන්වලට නොයෙක් ආකාරයේ අපහාස උපහාස කරන අයත් ඉන්නවා. මම අද උදේ එන්න කලින් බලපු මාධ්‍ය වාර්තාව සියලු රූපවාහිනී, සමාජ වෙබ් අඩවි, මුද්‍රිත මාධ්‍ය එක් වාර්තාවක් එන්නේ. මම දැක්කා කිහිප තැනකම මත්ද්‍රව්‍ය මර්දනය වැඩසටහනක් බොහොම අවඥාට ලක්කරලා. උපහාසයට ලක්කරලා තියෙනවා. මම කියනවා මොන මුහුණුවරකින් පෙනී සිටියත් ඒ අය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සම්බන්ධ අය කියලා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතින් විශාල මුදල් සම්භාරයක් මේ සඳහා වැය කරනවා.

    ඔවුන් මොනරතම් ප‍්‍රබල ද කියන එක ඔබ දන්නවා. මත්ද්‍රව්‍ය වැරදිකරුවන් වුණු අයට මරණීය දණ්ඩනය දෙන්න මම දැන් අවුරුද්දක් පුරා අධිකරණයේ ලිපිගොනු හොයනවා. මත්ද්‍රව්‍යවලට වැරදිකරුවන් වී මරණීය දණ්ඩනය නියම වුණු අය හිර ගෙදර ඉන්නවා. ගාල්ලේ සිර ගෙදර ඉන්න සිරකරුවන් ගෙන් 65‍්‍% ක් මත්ද්‍රවලට වැරදිකරුවන් වුණු අය කියලා ආණ්ඩුකාරතුමා මා සමග කිව්වා. අනික් හිර ගෙවල්වල තත්ත්වයත් ඒ වගේමයි. දරුවන් බිරිඳ ඇතුළු ඒ හැම කෙනෙකුගේ ම පවුල් ජීවිත විනාශ වෙනවා.

    මෙතන ඉන්න දරුවන් සෑම කෙනෙක් ම මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන අය කියලා මම විශ්වාස කරනවා. ඇතැම් පාසල්වලත් තත්ත්වය ඉතාම නරකයි. මම පාසල්වල නම් කියන්නේ නැහැ. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම පිළිබඳව විශේෂඥ වෛද්‍යතුමාගේ දේශනයේ දි බොහෝ කරුණු කිව්වා.

    මත්ද්‍රව්‍ය භාවිතයට ආකර්ෂණය කර ගැනීමේ නොයෙක් ක‍්‍රියාකාරකම් අද අන්තර්ජාලයේ දකින්නට තිබෙනවා. ඒවා දැක්කහම හිතෙනවා මේක මෙහෙම ජොලියක් එනවා නම් මේකේ එකක් ගහලා බලන්න ඕනේ කියලා. ඒ තෘප්තිය විඳගන්න බලනවා. විද්‍යාව, තාක්ෂණය, සාහිත්‍ය, කලාව, ඉතිහාසය වැනි දැනුමට බුද්ධියට වැදගත් වන දේ අන්තර්ජාලයේ තිබුණත් ඒ සඳහා යොමු නොවී අන්තර්ජාලය භාවිතා කරමින් නොයෙක් නරක අයහපත් දේ කිරීමට අද තරුණ ප‍්‍රජාව පෙළැඹී සිටිනවා. මෙම තත්ත්වය සිය දිවි නසාගැනීම් වර්ධනයට බලපා තිබෙනවා. මම පාසල්වල නම් කියන්නේ නැහැ. අපේ රටේ ප‍්‍රධාන පාසල් ගණනාවක දරුවන් ගේ වාර්ෂික සියදිවි නසා ගැනීම් එන්න එන්නම වැඩි වෙනවා. විශේෂයෙන් ම ගැහැනු දරුවන්ගේ. මේ සඳහා මූලික ම හේතුව ජංගම දුරකථනය යි. ඒ නිසා මත්ද්‍රව්‍ය මර්නදය, පාලනය සහ නිවාරණය කියන කාරණයේ දී ජංගම දුරකථනය අභියෝගයක් කියන එක අමතක කරන්න එපා.

    තමන් ගේ දරුවෝ මොනවද කරන්නේ කියලා දෙමව්පියෝ හොයලා බලන්න ඕනෑ. රාජ්‍ය නිලධාරීන් ප‍්‍රමුඛ ව දෙමව්පියෝ රාශියක් මෙතන ඉන්නවා. පාසල් යන දරුවා. උපකාරක පන්තියට යන දරුවා. රැකියාවක් නොමැති ව ගෙදර ඉන්න දරුවා. රැකියාවලට යන තරුණ දරුවා. යන්නේ කොහෙද කරන්නේ මොනවද කියන්නේ මොනවද කවුද ඇසුරු කරන්නේ. ගෙදර කාමරයට වෙලා දොර වහගෙන මොබයිල් ෆෝන් එකෙන් මොනවද බලන්නේ. මේවා පිළිබඳව දෙමව්පියෝ මීට වඩා අවධානයක් යොමු කරන්න ඕනෑ. දැන් දරුවෝ ලොකුයි. දැන් දරුවෝ දැනුවත් එයා දැන් උසස් පෙළ. එයා දැන් කාර්මික විද්‍යාලයේ. එයා දැන් විශ්වවිද්‍යාලයේ. දැන් එයාව බලන්න ඕනේ නැහැ. එහෙම කියලා දරුවෝ අත් හරින්න පුළුවන්කමක් නැහැ. තම දරුවාට ආදරයක් තිබෙනවා නම් දෙමව්පියන් ඔවුන් පිළිබඳව නිතර සොයා බලන්න ඕනෑ. මා හිතනවා මේ කරුණු මා කිව යුතු දේවල් නෙවෙයි. ඔබ දන්නා දේවල්. මා මේවා මතක් කිරීම පමණයි කරන්නේ.
    මෙතනට වැඩම කර සිටින ගෞරවනීය පූජනීය මහා සංඝරත්නය, අනිකුත් පූජකතුමාලා, ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩලය, මාතර දිසා ලේකම්තුමා ප‍්‍රමුඛ සියලුම රාජ්‍ය නිලධාරි මහත්ම මහත්මීන්, ප‍්‍රාදේශීය ලේකම්තුමාලා ප‍්‍රමුඛ ආයතන ප‍්‍රධානීන්, විදුහල්පතිවරුන්, දරුවන්, දෙමව්පියන්, ත‍්‍රිවිධ හමුදා, පොලිස්, සුරාබදු, සෞඛ්‍ය සේවා ආදි ඒ සියලු අංශවලට මගේ ගෞරවනීය ස්තූතිය පුද කරමින් මතින් නිදහස් රටක් ගොඩනැඟීමේ මේ පුළුල් ජාතික ව්‍යාපාරයට ඔබේ ජීවිතය බේරා ගන්න ඔබේ දරුවන් බේරා ගන්න ඔබේ අනාගතය සඳහා ඔබ වෙනුවෙන් සකස් වූ මේ පුළුල් වැඩපිළිවෙළට ඔබ නායකත්වය ගන්න ඕනෑ. ඒ පසුපස අප සිටිනවා. ඊට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. මෙහි නායකත්වය ගත යුත්තේ ඔබයි. දෙමව්පියන්, රාජ්‍ය නිලධාරීන් මෙහි නායකත්වය ගැනීම අවශ්‍යය යි. මෙහි තිබෙන බැරෑරුම් තත්ත්වය මෙහි තිබෙන මහා ජාතික ව්‍යසනය මේ මහා ජාතික ඛේදවාචකය මර්දනය කරන්න අවසන් කරන්න ත‍්‍රිවිධ හමුදාව ප‍්‍රමුඛ පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය, අද පෙරමුණ ගෙන කටයුතු කරනවා. ඔබ සැම දෙනාටත් ඊට එක්වන ලෙස ආරාධනය කරමින් මා නිහඬ වනවා. ඔබ සැමට

    ස්තූතියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya