අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාගොඩ ශ්‍රී විද්‍යා විජයාරාමයේ අභිනව වාහල්කඩ ඇතුථ විවෘත කිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ...

    ජනවාරි 20, 2019

    පාගොඩ ශ්‍රී විද්‍යා විජයාරාමයේ අභිනව වාහල්කඩ, බෝධින්වහන්සේ වටා ඉදිකළ රන්වැට ආදි විහාරාංග රැසක් සග සතුකොට පූජා කිරිමේ පුණ්‍ය මහෝත්සවය  ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (20) පස්වරුවේ පැවැත්විණි.

    අභිනව රන්වැට විවෘත කිරීමෙන් අනතුරුව බෝධින් වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය හා ගිලන් පස පූජාව ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණු අතර පාගොඩ ශ්‍රී විද්‍යා විජයාරාමයේ විහාරාධිපති පූජ්‍ය කරගහඋල්පත සුගතනන්ද නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

     අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මීට එක්ව සිටියහ. 

     ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya