අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක සියලු වැඩසටහන්වලට පිලිපීන පාර්ලිමේන්තුවේ උපරිම සහාය -පිලිපීන කථානායකවරිය

    ජනවාරි 19, 2019

    ශ්‍රී ලංකාවට සහය පළ කිරීමට පිලිපීන ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් ඉදිරියේ දී එරට රජය ක්‍රියාවට නංවන සියලු වැඩසටහන්වලට පිලිපීන පාර්ලිමේන්තුවේ එකඟතාවය එකහෙළා ප්‍රකාශ කරන බව පිලිපීන කථානායකවරිය සඳහන් කරයි.

    පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ පිලිපීන කථානායිකාව මෙන්ම හිටපු ජනාධිපතිනිය වන ඝ්ලොරිඅ Mඅcඅපගල් ඇර්‍රොයො මහත්මිය අතර හමුවක් (17) පස්වරුවේ මැනිලා නුවර දී පැවැත්වුණු අතර එහිදී කථානායකවරිය මේ බව ප්‍රකාශ කළාය.

    පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා සහ තමා අතර පැවති සාකච්ඡාවල දී දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට සිදුකෙරුණු මැදිහත්වීම මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා එම කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යාමට පිලිපීන පාර්ලිමේන්තුවේ ද සහය අපේක්ෂා කරන බව කියා සිටියේය.

    එමෙන්ම දෙරටේ සබඳතා වඩා පුළුල් ලෙස ඉදිරියට ගෙනයාමට පිලිපීන තානාපති කාර්යාලයක් කොළඹ ස්ථාපිත කිරීමට ද දෙරටේ ජනාධිපතිවරු අතර පැවති සාකච්ඡාවේ දී එකඟ වූ අතර ඒ සඳහා අවශ්‍ය ඉඩමක් කොළඹ නගරයෙන් ලබාදීමට අවශ්‍ය මැදහත්වීම සිදුකරන බව ජනාධිපතිතුමා පිලිපීන කථානායකවරියට සඳහන් කළේය.

    පිලිපීන රජය නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට සිදුකරන කැපවීම මෙහිදී ද අගය කළ ජනාධිපතිතුමා ප්‍රබල අභියෝගයක් වන මත්ද්‍රව්‍ය උවදුර පාලනයකින් තොරව රටක් ලෙස ගොඩනැගිය නොහැකි බවත්, නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට ද පිලිපීන රජයේ සහය ඉල්ලා සිටි බව සඳහන් කළේය.

    දෙරට අතර කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහයෝගිතාවය ඉහළ නංවා ගැනීමට රාජ්‍ය නායක හමුවේ දී එකඟ වූ කරුණු පිළිබඳව ද සතුට පළ කළ කථානායකවරිය එම අරමුණු ඉටු කර ගැනීමට ද පාර්ලිමේන්තුවේ පූර්ණ සහය ලබාදෙන බව ප්‍රකාශ කළාය.

    මින් අනතුරුව පිලිපීන පාර්ලිමේන්තු සෙනෙට් සභාවේ සභාපතිනිය ද ජනාධිපතිතුමා හමු වී සාකච්ඡා පැවැත්වූවාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya