මෙම ජාතික උත්සවය නිමිත්තෙන් අද (05) සියලුම බෞද්ධ නිවාසවල, විහාරස්ථානවල හා රජයේ ගොඩනැගිලිවල ජාතික ධජය ඔසවා තබන්නැයි බුද්ධ ශාසන අමාත්‍යංශය ඉල්ලා සිටී.
ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවය අද (05) පෙරවරු 9.00ට ආරම්භවන අතර ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා 1500ක් පමණ, බෞද්ධ සංවිධාන නියෝජිතයින් හා මැති ඇමතිවරු සහභාගීවන බව එම අමාත්‍යංශය පවසයි.