අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනපතිගෙන් කමිටුවක් ...

    ජනවාරි 04, 2019
    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර ගනිමින් එහි නව ප්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා නව කමිටුවක් ලබන සදුදා පත් කරන බව ජනාධිපතිතුමා පවසයි.
    ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදියුණු කිරීමට අදාළ යෝජනා සහ අදහස් මෙම කමිටුවට භාරදීමට ඒ අනුව සියලූ පාර්ශ්වයන්ට අවස්ථාව හිමි වේ. 
    සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විතව මෙම කමිටුව පත් කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිඛෙන අතර සති දෙකක කාලයක් තුළ දී කමිටුව විසින් අදාළ නිර්දේශ ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ යුතුය. එම නිර්දේශ සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබ`ද ගතයුතු ඉදිරී තීන්දු තීරණවලට එළැඹෙන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය . 
    ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වත්මන් තත්ත්වය පිළිබ`ද අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.
    ශ්‍රී ලන්කන් ගුවන් සේවය විධිමත් ප්‍රතිසංවිධානයකට ලක් කිරීම සදහා අවශ්‍ය වැඩපිළිවෙළ කඩිනමින් කි්‍රයාවට නැංවීමට ද මෙහිදී ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේ ය. 
    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩු අවම කර ගනිමින් ඉදිරියේ දී එය ලාභදායී තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය මූලික පියවර මේ වන විට කි්‍රයාවට නංවා තිඛෙන බව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් මෙහිදී පෙන්වා දුන් අතර, ආයතනය පසුගිය වසර ගණනාවක් දිගින් දිගටම පාඩු ලැබීමට හේතු වූ කරුණු හා දැනට මුහුණ දී තිඛෙන අභියෝග පිළිබ`දවත්, එහි වත්මන් කි්‍රයාකාරිත්වය පිළිබ`දවත් මෙහිදී පු`ථල් ලෙස සාකච්ඡාවට බ`දුන් විය.
    එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතිකරගෙන තිඛෙන අවාසිදායක ගිවිසුම් පිළිබ`දව ද අවධානය යොමු කෙරුණු අතර ඛනිජ තෙල් මිල ඉහළ යාම, රුපියල හා කලාපෙයේ මුදල් අවප්‍රමාණයට ලක්වීම,  තාක්ෂණික හා යටිතල පහසුකම් ඌනතාව වැනි කරුණු හේතුවෙන් ඇතිවූ බලපෑම් පිළිබ`දව ද අවධානය යොමු කෙරිණි.
    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිදු වූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබද සොයා බැලීමට ජනාධිපතිතුමා විසින් පත් කළ ජනාධිපති කොමිසමේ කටයුතු ද මේ වන විට සිදු වෙමින් පවතී.
    අමාත්‍ය මංගල සමරවීර, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ද රාජ්‍ය බැංකු සභාපතිවරුන් ඇතුථ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ආයතනවල ප්‍රධානින් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතු`ථ පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
    ( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya