අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට ප්‍රකාශයට පත් කෙරේ ...

    ජනවාරි 05, 2019

    වසර දහස් ගණනක් පුරා රැකගෙන ආ නිර්මල බුදුදහම ලෝකවාසී ජනතාවටත්, අනාගත පරපුරටත් නිවැරදි ලෙස ආරක්ෂා කොට පවත්වාගෙන යාමේ අරමුණින් පූජනීය ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ගෞරවණීය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ මාතලේ ඓතිහාසික අලූවිහාරයේ දී පැවැත්විණි.

    අද පෙරවරුවේ මාතලේ ඓතිහාසික අලූවිහාරය වෙත ගිය ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කර උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සනිටුහන් කළේය. ජනාධිපතිතුමා අනතුරුව බුද්ධ මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය. පූජනීය ත්‍රිපිටකය පොත් වහන්සේ මහා සංඝරත්නය විසින් අලංකාරවත් පෙරහැරකින් වැඩම කළහ.

    උත්සවයේ කටයුතු ආරම්භ කරමින් මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් පවැත්වූහ. ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍රය ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශවයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහානායක ස්වාමින් වහන්සේ වෙත පිළිගැන්වීය. ආලෝක විහාරාධිපති පූජ්‍ය ආචාර්ය ඉනාමලූවේ නන්දරතන හිමිපාණන් වහන්සේ විසින් විශේෂ සිහිවටන තිළිණයක් ලෙස ,ධම්ම චක්ක ධම්ම, සූත්‍රය ඇතුළත් පුස්කොළ පොත ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදි. විද්වත් ලිපි සංග්‍රහයක් ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    මෙම ඓතිහාසික කටයුත්ත සිහිපත් කරමින් සමරු මුද්දරයක් නිකුත් කෙරුණු අතර එය මහානායක හිමිවරුන් වෙත සහ ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදු විය


    ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශවයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහානායක ස්වාමින් වහන්සේ, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ දිවයිනේ නන්දෙසින් වැඩම කළ මහා සංඝරත්නය එක්දහස් පන්සීයකට අධික පිරිසක් ද බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඇතු`ථ මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු, රාජ්‍ය නිලධාරින් ඇතු`ථ සැදැහවත් ජනතාව විශාල පිරිසක් මෙම පුණ්‍ය මහෝත්සවයට එක්ව සිටියහ.

     

    trip1

     

    sanga

     

    teii

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya