අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහ වාණිජ මණ්ඩල නියෝජිතයන් අතර හමුවක්

    දෙසැම්බර් 04, 2018

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ වාණිජ මණ්ඩල නියෝජිතයන් අතර හමුවක්  ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සහ වාණිජ මණ්ඩලවල කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර රටේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ වෙනුවෙන් අදහස් සහ යෝජනා ද ඉදිරිපත් කෙරිණි.

    එමෙන්ම මෙහිදී වාණිජ මණ්ඩල නියෝජිතයෝ සඳහන් කළේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් රටේ ඉදිරි ආර්ථික හා සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමට අවශ්‍ය සියලු සහය ලබාදීමට කැපවන බවයි.

    ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන්, මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya