අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම් සංකේතය ජනපතිට පළදවයි

    ඔක්තෝබර් 17, 2018

    2018 ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම නිමිත්තෙන් එහි සැමරුම් සංකේතය වන ,සමනළ රුව, ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළදවීම අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවාලාභීන්ගේ කි්‍රයාකාරි ජාලයේ මෙහෙයුම් අධ්‍යක්ෂ සුනිල් නානායක්කාර මහතා විසින් ප්‍රථම සැමරුම් ලාංඡනය ජනාධිපතිතුමා වෙත පළදවනු ලැබීය.

    ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල් මනෝ වෛද්‍ය, විශේෂඥ වෙද්‍ය ජයාන් මෙන්ඩිස් යන මහත්වරුන් ඇතු`ථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya