අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහ ඉන්දීය අගමැති දුරකථන සංවාදයක

    ඔක්තෝබර් 18, 2018

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ඊයේ(17) පස්වරුවේ දුරකථන සංවාදයකට එක් විය.

    මෙහිදී නායකයින් ඉතා සුහදශීලි කථා බහක නිරත වූ අතර, ශ්‍රී ලංකාවේ දැනට සිදු කෙරෙන සංවර්ධන කටයුතු පිළිබදව ද එහිදී සාකච්ඡාවට බදුන් විය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම අවස්ථාවේදී සදහන් කළේ ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය සහ සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම සහයක් ඕනෑම අවස්ථාවක ලබාදෙන බවයි.

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දැඩි මිත්‍රත්වය සහ සුහදශීලිභාවය තව තවත් ශක්තිමත්ව ඉදිරියට පවතින බව ද නරේන්ද්‍ර මෝදි මහතා මෙහිදී සදහන් කළ අතර, අසල්වාසී සහෝදර රාජ්‍යයන් සමග මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල් සමග වඩා මිත්‍රශීලි සහ සමීප සබදතාවයන් ගොඩනගා ගැනීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙල පිළිබදව ද සතුට පළ කළේය. සමීප මිතුරෙකු සහ සහෝදර රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහ සාර්ථකත්වයට ඉන්දියාව නිරන්තරයෙන් ලබාදෙන සහය මෙහිදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ විශේෂ ඇගැයීමට ලක් කෙරිණි.

    ( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya