මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහර නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම ජනපති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 15, 2018
    මහර නව පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාව  (13) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

     මහර ප්‍රදේශවාසි ජනතාවගේ සහ වෙළෙද ප්‍රජාවගේ  ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් මෙම පරිපාලන ගොඩනැගිල්ල ඉදිකර තිඛෙන අතර වැය කර ඇති මුදල රුපියල් මිලියන 445 කි. 

     
    වානිජ බැංකු, තැපැල් කාර්යාල, ආයුර්වේද මධ්‍යස්ථාන, කලාප අධ්‍යාපන කාර්යාලය, පූර්ණ පහසුකම් සහිත ශ්‍රවණාගාරය, ග්‍රාම නිලධාරි කාර්යාලය, ආපනශාලා වෙළෙද සැල්, ප්‍රදර්ශන ශාලා යනාදියෙන් මෙය සමන්විතය.
     
    සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිල්ල ජනතා අයිතියට පවරාදීම ගරු ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    අමාත්‍ය පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, හර්ෂණ රාජකරුණා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය,පියසිරි විෙජ්නායක, රංජිත් සෝමවංශ, ප්‍රිශාන්ත ජයකොඩි යන මහත්වරුන් ඇතුථ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු හා පළාත් සභා මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ. 
     
    ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya